විස්වාසභංගය මහින්ද අත්සන නොකළේ ඇයි?

ඒකාබද්ධ විපක්ෂය මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව භාර දුන් විස්වාසභංගය ඊයේ කතානායක කරු ජයසූරීය වෙත බාර දී තිබේ.

විස්වාසභංගය  එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනෙක් අත්සන් කර සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන ටී. බී ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් හා වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් සහ සුසන්ත පුංචිනිලමේ විශ්වාස භංග යෝජනාවට අත්සන් තබා ඇත.

කෙසේ වෙතත් මෙම විස්වාසභංගයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නොතිබීම විශේෂත්වයක් , 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තබා නැති නමුත් විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙන ලද්දේ ඔහුගේ ප්‍රධානත්වයෙන් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසනවා .