තරඟ පරාජයට කණ්ඩායම් නායකයා වගකිව යුතුයි

ක්‍රිකට් තරග පරාජය වීම සම්බන්ධයෙන් කණ්ඩායම් නායකයා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැමදා පරාජය නොවන බවත්, ජයග්‍රහණය හා පරාජය දෙස උපේක්‍ෂාවෙන් බැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


ක්‍රිකට් කණ්ඩායමේ පරාජය දේශපාලනික ලෙස නොබැලිය යුතු බවත්, ක්‍රිකට් තරගයක් පරාජය වීමට කණ්ඩායමේ නායකයා වගකිව යුතු සේ මැතිවරණයක් පරාජය වීම සම්බන්ධ පක්‍ෂයේ නායකයා වගකිව යුතු බවත් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේය.