2016 වසරේ පමණක් වැඩ වර්ජන, උද්ඝෝෂණ 1414 ක්

වැඩවර්ජන හා උද්ඝෝෂණ ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය නම් මර්දනය කිරීමට අවශ්‍ය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

  එසේම 2016 වසරේ වැඩවර්ජන හා උද්ඝෝෂණ 1414ක් පවත්වා ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.

“ 2016 වසරේ වැඩ වර්ජන, උද්ඝෝෂණ 1414 ක් රටේ තිබිලා තියෙනවා. දවසකට උද්ඝෝෂණ 4 ගණනේ ඇති වී තිබෙනවා. මේ තත්ත්වය වළක්වා මේ ප්‍රශ්න වහාම විසඳිය යුතුයි.

ඒ වගේම මේවා පුද්ගලික ගැටුම්, ජන කණ්ඩායම් අතර ආගමික කණ්ඩායම් අතර, ජනවර්ග අතර ගැටුම් බවට පත්වනවා. වහාම මේවා විසඳාලීමේ, මැදිහත්වීමේ, පාලනය කිරීමේ, ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය නම් මර්දනය කිරීමේ අවශ්‍යතාව තිබෙනවා.

ජනමාධ්‍ය ඇතුළු සියලු ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ඉක්මන් වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි."