පූටින් යළිත් විශිෂ්ට ජයග්‍රහණයක් සමග බලයට

රුසියානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනපති ව්ලැඩිමීර් පූටින් තවත් වසර හයක කාලයක් සඳහා යළිත් විශිෂ්ට ජයග්‍රහණයක් සමග බලයට පත්ව තිබේ.
බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදිම මෙම ජයග්‍රහණය විශිෂ්ට අයුරින් තහවුරු කරගැනීමට පූටින් සමත්ව ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
රුසියාවේ ජනපති හෝ අගමැති ලෙස වර්ෂ 1999 සිට බලයේ සිටින පූටින්, නිල ඡන්ද ප්‍රතිඵල අනුව 76%ක බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.
මෙම ජයග්‍රහණයෙන් පසුව මොස්කව් නුවරදී ජනතාව ඇමතූ පූටින් පවසා සිටියේ පසුගිය වසර කිහිපය තුළ රුසියාව ලබාගත් ජයග්‍රහණ ඡන්ද දායකයන් හඳුනාගෙන ඇති බවයි.
මේ අතර, ඉදිරියේදී තවත් වසර හයක් සඳහා තමන් ජනපති ධුරයට පත්වීමට සැරසෙන්නේ දැයි මාධ්‍යවේදීන් ඇසූ වට පූටින් සිනහවකින් ඊට පිළිතුරු ලබාදී ඇත.
කෙසේ වෙතත්, පූටින් සමග තරගයට සිටි ප්‍රධාන ප්‍රතිවාදියා ඇලෙක්සි නාවල්නි වෙත මෙවර මැතිවරණය අවුරාලීමට කටයුතු කර තිබූ බවටද පූටින්ට චෝදනා නැඟෙයි.