කෝලි සහ අනුෂ්කාට දයාසිරිගෙන් ආරාධනාවක්

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා ඔහුනේ බිරිඳ අනුෂ්කා ශර්මාට  ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
“ මම කෝලිට ක්‍රීඩා කරන්න එන්න කියන්නේ නෑ. නමුත් ඔහු තම බිරිඳ සමග ශ්‍රී ලංකාවේ දින කිහිපයක් ගතකිරීමට සැලැස්වීමට මට අවශ්‍යයි. 

ඔහුගේ විවාහයෙන් පස්සේ ඔහු මෙහාට (ලංකාවට) ආවේ නෑ. එම යුවළට මේ ජාතියේ ආගන්තුකයෙකු වෙන්න පුළුවන්. ලංකාවේ බොහෝ ස්ථාන තිබෙනවා දකින්න පුළුවන්” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉන්දීය නායක විරාත් කෝලිගේ රසිකයෙකු බවද සඳහන්.