අජිත් ප්‍රසන්නට බොදු බල සේනාවෙන් රතු එළියක්

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අපහාස කිරීම සහ නීතීඥ වෘත්තීයට නොගැලපෙන ලෙස කටයුතු කරන නීතීඥ අජිත්  ප්‍රසන්න සම්බන්ධයෙන් සුදුසු සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානය අගවිනසුරුවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත  (15) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
 
රාජගිරිය ,නාවල පාරේ ,අංක 615 දරණ ස්ථානයේ පිහිටි බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක පූජ්‍ය පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමි විසින් අගවිනිසුරුවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූහ.

ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.
 
රටේ හදිසි නීතිය පවතින අවස්ථාවක හබුරුගල , රත්තොටුවිල පාර , දොඩම්ගොඩවත්ත , අංක 241 ස්ථානයේ පදිංචිවන සිටින උක්ත නීතීඥවරයා ඉකුත් 5 වැනිදා සහ 8 වැනිදා කාලය තුළ අන්තර්ජාලයට වීඩියෝ පටයක් මුදා හරිමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගාඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන සැලසුම් සහගත වෛරී  ප්‍රකාශ නිකුත් කරමින් සීට.
 
එසේම එම නීතීඥවරයා එලෙස මුදාහරින වීඩියෝ පට තුළින් මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් තර්ජනය කිරීම් , අධිකරණ තීන්දු වැරදි බව සමාජගත කිරීමට උත්සාහ කිරීම , නීතියෙන් දඩුවම් ලැබූවෙනුට තවදුරටත් අපහාස කිරීමට අධිකරණ තීන්දු උපයෝගි කර ගැනීම ආදී ලෙසින් නීතීඥවරයෙකුට කිසිදු ආකාරයකින් නොගැලපෙන ලෙස කටයුතු කරන බවද පෙන්වා දේ.
යම්කිසි පුද්ගලයෙකු පිළිගත් අධිකරණ පටිපාටියකින් වරදකරුවෙකු ලෙස ඔප්පු කරන තෙක් අදාළ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකීමේ , නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනයකට ගරු කිරීම නීතීඥවරුන් සතු මූලික වගකීමක්ව තිබියදී , පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි 2014 හෝ ඉන් අනතුරුව ජාතිවාදී ගැටුම් වලට සම්බන්ධවීම් පිළිබඳව කිසම අධිකරණයක් වරදකරුවෙකු ලෙස ඔප්පු කර නැති අවස්ථාවක උක්ත නීතීඥ වරයා උන්වහන්සේට  අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවද පැමිණිල්ලේ සඳහන් වේ.
 
එබැවින් අජිත් ප්‍රසන්න නැමැත්තා නීතීඥවරයෙකු ලෙස තවදුරටත් ක්‍රියා කිරීමට සුදුසු නොවන බව අප සංවිධානයේ හැඟීම වන හෙයින් ඔහු සම්බන්ධයෙන්  සුදුසු සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි අගවිනිසුරුගෙන් ඉල්ලා සිටී.

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ