ෆේස්බුක් තහනම අවසන්

ෆේස්බුක් සඳහා පනවා තිබු තහනම ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත වහාම දන්වා ඇත.
වාර්තා වන ආකාරයට ජනාධිපති ලේකම්වරයා සහ ෆේස්බුක් නියෝජිත පිරිස සමග විශේෂ සාකච්ඡාවක් අද(15) පෙරවරුවේ පවත්වා ඇති අතර එහිදී ඇතිකරගත් එකඟතා මත ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.