ජනපති ගේ තීරණයට මංගල අකමැත්තෙන් කැමති වෙයි

සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට තමා ප්‍රතිපත්තිමය වශයෙන් කිසිඳු ලෙසකින් එකඟ නැතත්, මේ තීරණාත්මක අවස්ථාවේදී තාවකාලිකව එවැනි පියවරක් ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය අතිශයින් වැදගත් බවත් එය අනුමත කරන බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.


ශ්‍රී ලංකාව තුල මේ වන විට ක්‍රියාත්මක කර ඇති ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වාරණයට තමන් එකග නොවන බවට මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා සදහන් කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්'  වෙබ්ක අඩවිය කල විමසීමකදී ඇමතිවරයා එබව සඳහන් කර ඇත.


මෙවැනි අවස්ථාවක මානව හිමිකම්, මාධ්‍ය නිදහස මෙන්ම, අනිත් අතින් රටේ පවතින තත්වයත් සැලකිල්ලට ගැනීමට සිදුවෙන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගයෙන් පලදායී ප්‍රතිපලයක් ලැබී ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇප ලබා දිය නොහැකි වරදක් බවට පත් කළ යුතු බවත්, එමෙන්ම එවැනි වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවලට නායකත්වය දෙන දේශපාලකයින්ගේ සිවිල් ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත් විදේශගතව සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් හරහා පසුගියදා ප්‍රකාශකර තිබිණ.

සබැඳි පුවත්