ජාතිවාදී ක්‍රියාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු දෙන්න'

ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රීයාත්මක සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ  මෙසේද සඳහන් වේ.

 ‘‘රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පාලනය කීරිමට ගතයුතු සියලු පියවර මේ වන විට රජය විසින් 
ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද ඇතැම් අවස්ථාවලදී පිරිස විසින් ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කර ගනිමින් 

 කඩාකප්පල්කාරී ක්‍රීයාවන් හී නිරත වීමට කටයුතු කරමින් සිටින බවද ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන්හී නිරතවන හා එවැනි ක්‍රීයාවන් සැලසුම් කරන පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබාගැනීමටත් එම ක්‍රීයාවන් ක්ෂණිකව මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් සහය සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දවසේ පැය 24 පුරා අඛණ්ඩව ක්‍රීයාත්මක වන මෙම ක්ෂණික සහාය සේවා මධ්‍යස්ථානයේ දුරකථන අංක 0711 261 261 හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාදෙන ලෙසත් , අවශ්‍ය ක්ෂණික සහාය ලබා ගන්නා ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී‘‘.