නේමාර් පාපන්දු පිටියෙන් ඉවතට

පැරිස් සේන්ට් ජර්මේන් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක නේමාර් තවත් සති හයක පමණ කාලයකට පාපන්දු පිටියෙන් ඉවත්ව සිටිනු ඇතැයි ඔහුගේ පියා විසින් බීබීසියට පවසා ඇත.
 ඒ අනුව එළැඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිත චැම්පියන්ස් ලීගයේ අවසන් දහසය දෙනාගේ තරග වටයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි අදියර ඔහුට මගහැරෙනු ඇත.
බ්‍රසීල ජාතික පාපන්දු ක්‍රීඩක නේමාර්ට මෙම තරග මගහැරීම සිදුවන්නේ පසුගිය ඉරිදා දිනයේ මර්සිලේ සමග පැවති තරගයත් සමගිනි.
නමුත් PSG කණ්ඩායමේ පුහුණුකරු යුනායි එමරි පවසන අයුරින් ඔහුට සුළු සැත්කමක් කිරීමෙන් පසු රියාල් මැඩ්රිඩ් තරගයට යම් අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවද පවසා තිබේ.
නමුත් ඔහුගේ පියාට අනුව සැත්කමක් කළ ද නොකළ ද නේමාර් සති 6 – 8ක් අතර කාලයක් පාපන්දු පිටිය මගහැරෙනු ඇත.