'දේවස්ථානයට පහරදීම ගැන පරීක්ෂණයක් ඕනෑ'- මුජිබර්

රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය භාර ගැනීමෙන් දින දෙකකට පසුව අම්පාර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට හා ව්‍යාපාරික ස්ථානවලට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.
සිද්ධියට වගකිව යුතු සියලුම පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බවත් රට තුළ ඉදිරියේදී ඇති විය හැකි බරපතළ සිදුවීම් වළක්වා ගැනීමට යහපාලන ආණ්ඩුව කඩිනම් පියවර ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
කොළඹ ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව පැවැසීය.