අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් - වසන්ත සේනානායක

අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

මෙම විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට ලැබෙනු ඇතැයි ඔහු පවසා සිටියේය.
 
රජයෙන් බලාපොරාත්තු වූ වෙනස ඉටු කිරීමට මෙම රජය අසමත් වී ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 
 
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සහභාගිවී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියා.

 

 

අද (25) සිදුවූ කැබිනට් සංශෝදනය විහිලුවක් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

අද පැවති කැබිනට් සංශෝදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන ආකාරයේ වැඩපිළිවලක් නිර්මාණය කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.