ජනපති මෛත්‍රීට හා රනිල් වික්‍රමසිංහට සිතාසි

ජුලි මස 24 දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත් කර තිබෙයි.
ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළවය.