යුද්ධයෙන් මිය ගිය සියලු දෙනා වෙනුවෙන් දමිළ තරුණයෙකු ලොව වටා දිවීමට සැරසෙයි

 

 වවුනියාවේ ඉපදුණු දැනට කැනඩාවේ ජීවත් වන දෙමළ තරුණයෙකු යුද්ධයෙන් මියගිය සියළු දෙනා සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීම පිණිස ලෝකය වටා මැරතන් දිවීමක් ආරම්භ කොට තිබේ.
කැනඩාවේ ටොරෙන්ටෝ නගරයෙන් ආරම්භ කරණ ලද මෙම මැරතන් දිවීම 23 දා දහවල් වවුනියාවේ සූසපිල්ලයාර්කුලම ප්‍රදේශයෙන් යළි ආරම්භ කරන ලදී.

ලෝකයේ රටවල් 72 ක් ආවරණය වන පරිදි කිලෝ මීටර් 4000 ක් පමණ දුර මෙම මැරතන් දිවීමේදී පසු කරණ අතර ඒ සදහා දින 123 ක කාලයක් ගතවෙනු ඇතැයි අනුමාන කොට තිබේ.
වවුනියාවේ උපත ලද සුරේෂ් ජෝෂී නැමැත්තා ශ්‍රී ලංකාවේදී ආරම්භ කල මැරතන් දිවීම කිළිනොච්චිය යාපනය හරහා යළිත් ශ්‍රී ලංකාවේ දකුණු දෙසට පැමිණීමට නියමිතය.
කැනඩාවෙන් ආරම්භ කරණ ලද මෙම මැරතන් දිවීමේ දෙවන අදියරය යළි ආරම්භ කරණ ලද්දේ වවුනියාවෙන් වන අතර උතුරු නැගෙනහිර ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ලෝකයේ රටවල් කීපයක්ම සුරේෂ් සිය මැරතන් දිවීම සදහා තෝරාගෙන තිබේ.
සේයාරූ සහ වාර්තාව - දිනසේන රතුගමගේ