නීතිය හා සාමය රනිල් - කබීර් උසස් අධ්‍යාපන අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න

නීතිය හා සාමය -රනිල් කබීර් උසස් අධ්‍යාපන

 

නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා  කටයුතු කරනු ඇත.

මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කබීර් හෂීම් අමාත්‍යවරයා පත් කර තිබේ.

මේ අතර ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු හට නව අමාත්‍යංශයක් එක් වී ඇති අතර ඒ අනුව විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසද ඒ මහතා කටයුතු කරනු ඇත.

රවීන්ද්‍ර සමරවික්‍රම වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

පියසේන ගමගේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

මේ අතර  මීට පෙර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

අජිත් පී. පෙරේරා  බන්ධනාගාර හා පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජේ.සී අලවතුවල පත් කර තිබේ.

හර්ෂ ද සිල්වා  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.