බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පැමිණෙයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ප්‍රධානී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අද (22දා) දහවල් දිවයිනට පැමිණියේය.ගුවන්තොටුපළ තුළදී ඔහුට විශේෂ අමුත්තන් සඳහා වූ පහසුකම් ලබාදී ඇතැයි වාර්තාවේ.

මෙම කැඳවීම සඳහා හේතු වි ඇත්තේ, පසුගියදා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඇතිවූ සිදුවීම පිළිබඳව තොරතුරු ලබාගැනීම බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, එම සිදුවීමෙන් පසුව ඔහුව ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත්කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළත් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව ධුරයේ  පිහිටවනු ලැබීය.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ද මීට ඉහතදී සඳහන් කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව හමුදාවෙන්ද කිසිඳු පරීක්ෂණයක් නොකරන බවයි.