ඇමති සංශෝධනයේ ඇත්තටම වෙනදේ

 

සිදුකිරීමට යෝජිත ඇමති සංශෝධනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවන් සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟ නොවීම හේතුවෙන් අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබූ ඇමති මණ්ඩල සංශෝධනය දින කිහිපයකින් කල් තැබීමට සිදුව තිබේ.

රජය ඉදිරියට පවත්වාගෙන යෑමට ඇමති තනතුරු කිහිපයකම වෙනස්කම් සිදුවිය යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරත්වයක සිටින අතර ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ මූලික ඉල්ලිමක් වන්නේද කැබිනට් සංශෝධනයක් වහා සිදුවිය යුතු බවයි.


විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවලට විරෝධතාව දක්වා ඇති ජනපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍යනම් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් පිරිනමන ලෙසයි.