“ශක්තිමත් ජනාධිපතිවරයකු ශක්තිමත් රටක් නිර්මාණය කරනව” පුටින් යළි සටනට

 

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී)
 
ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය.  කිසිදු නිශ්චිත වැඩසටහනක් ඉදිරිපත් නොකරමින්, විරුද්ධවාදීන් සමඟ විවාද කිරීම ප්‍රතික්ෂේප කරමින් රුසියානු ජනාධිපතිවරයා සැරසෙන්නේ නැවත වතාවක් තේරී පත්වීමකට වඩා එහා ගිය යමකට යැයි දේශපාලන විචාරකයෝ පවසති. 
 
හැටපස්වන වියේ පසුවන පුටින් ජනාධිපතිවරයා ලොව බලවත්ම නායකයකු ලෙසින් හැඳින්වෙන අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සිව්වැනි වරටය. ලබන මස පැවැත්වෙන මැතිවරණයේදීද පුටින් ජනාධිපතිවරයා සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගනු ඇතැයි අපේක්ෂිතය. 
 
පුටින් ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජයගන්නා බව පවසන විශ්ලේෂකයෝ එය රුසියාව ‘සෝවියට් යුගයට’ ගෙන යන්නක් බව පවසති. 
“කිසිදු පූර්ව වැඩසටහනක් නොමැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින එකම අපේක්ෂකයා පුටින්. එය එක්තර ආකාරයක අනතුරු ඇඟවීමක්. එය එක්තරා විදියකින් ජනතාව නොසලකා හැරීමක්” යැයි කානෙගි මොස්කව් මධ්‍යස්ථානයේ ආන්ද්‍රි කොලෙස්නිකොව් පැවැසීය. 
 
අනෙකු-ත් අපේක්ෂකයන් සමඟ පැවැත්වෙන විවාද මග හැරිය ද ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ ව්‍යාපාරය ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පෙන්වාදීමට හැකිය. “ශක්තිමත් ජනාධිපතිවරයකු ශක්තිමත් රටක් නිර්මාණය කරනව” යන පාඨය සහ පුටින්ගේ රුව දැක්වෙන විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු මොස්කව් නුවර දක්නට තිබේ. 
 
055