මහින්දයි බැසිලුයි කැමති නම් මම දේශපාලනයට ඒනවා

සිය සොයුරන්වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කැමැත්ත පළ කරන්නේ නම් තමන් දේශපාලනයට ඒන්නට සූදානම් බව හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

දිවයින පුවත්පතේ මාධ්‍යවේදී මනෝජ් අෙබ්දීර සමග පුවත්පත් සාකච්ඡාවකට ඒක් වෙමින් ෙගා්ඨාභය රාජපක්ෂ ෙම් බව ප්‍රකාශ කර තිබේ. දේශපාලනයට පැමිණ  ඇතැමුන් විසින් ෙයා්ජනා කරන අන්දමට 2020 ජනාධිපතිවරණයට තරග කරන්නට සූදානම්දැයි දිවයින මාධ්‍යවේදියා විමසා අැති අතර ඊට පිළිතුරු දෙමින් ෙගා්ඨාභය මෙසේ ප්‍රතිචාර දකවා ඇත.

“ඒක තනියෙන් ගතයුතු තීරණයක්‌ නෙමෙයි. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය නැතුව කිසිම දෙයක්‌ මම කරන්නෙත් නැහැ. කරන්න පුළුවන්කමකුත් නැහැ. ඊළඟට බැසිල් රාජපක්‌ෂ… මේ දේශපාලනික සැලසුම සහ යාන්ත්‍රණය පිළිබඳව ඔහුට තිබෙන දැනුම, අවබෝධය සහ අත්දැකීම් කියන එක වැදගත්. දේශපාලනය සඳහා ඔහුට විශාල හැකියාවක්‌ තිබෙනවා. ප්‍රාදේශීය සභා ආදියේ සිට සම්බන්ධකම් ජාලයක්‌ ඔහුට තිබෙනවා.

ඒ ශක්‌තිය සහ දැනුම තිබෙන්නේ ඔහු ළඟ. ඔහු මේ සඳහා කැමතිද…? ආදී දේ සමගයි මගේ තීරණය ගත හැකිව තිබෙන්නේ.”