විමුක්ති දේශපාලනයට එයිද මෙන්න පිළිතුර (VIDEO)

මානව හිතවාදි හෙල කලාකරු විජය කුමාරතුංග ගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම වෙනුවෙන් විජය කුමාරතුංග සමාධිය අසල අද (16) විශේෂ උත්සවයක් පැවැත්වුනා.

විජය පදනම විසින් සංවිධානය කරන ලද එම උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද එක්වූවා.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය පීලික්ස් පෙරේරා, නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, බස්නාහිර පලාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න ඇතුළු විජය කුමාරතුංගයන්ගේ පවුලේ ඥාතීන් සහ කලාකාමී රසික හිතවතුන් පිරිසක් සහභාගි වූවා.

එම අවස්ථාව අවසන් වු මොහොතේ මාධ්‍යෙව්දින් විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගෙන් අසා සිටියේ විජය පුතු විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට එක්කිරීමට සුදානමක් තිබේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ එවැනි අදහසක් මෙතෙක් නොමැති බවයි.