සුසිල්ට රනිල් එක්ක බැහැලු

දැනට පවතින යහපාලන ආණ්ඩු රජය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් දැනට රජයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිත කණ්ඩායමේ බහුතර සහය ආණ්ඩුවට නොලැබීමේ හැකියාවක් ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

 වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ  සමඟ ඉදිරියට යෑමේ අපහසුතාවයක් ඇති බව අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ බව ද සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන් තනි ආණ්ඩුවක් පිහිටුවන බවට අභියෝග කළ බවත් ඒ අභියෝගයෙන් පසුව එම අභියෝගය බාර ගැනීමට තීරණය කළ බවත් ඉදිරි ‍දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගන්නා කුමන පාර්ශවයට ද යන්න පිළිබඳව හා ඒ අනුව ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල තීන්දුවක් ලබා ගත හැකි බව ද ප්‍රේම්ජයන්ත්  කියා සිටියේය.

මේ රටේ ජනතාවගේ අභිලාෂය මුදුන් පත් කර ගන්නවා මිසක් එය අභිබවා යා නොහැකි බව සියලු දෙනා මැතිවරණයෙන් දැන ගත් බව ද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර බෙදී ගිය ඡන්ද එකම කඳවුරක ඡන්ද බවත් එකතු කළ යුතුව ඇත්තේ එම ඡන්ද වන අතර, ඉතා පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණට හිමි වුයේ ද රජයට එරෙහි ඡන්දයන් වන බැවින් එම සියලු ඡන්ද ප්‍රතිශත එකතු කළ පසු රජයේ පාලන බලයට එරෙහිව සියයට 65 කට අධික ඡන්ද සංඛ්‍යාවක් හිමි වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාව එලෙස රජයට එරෙහි වි ඇති මොහොතක එයට ප්‍රතිචාර දැක්වීමට රජය අපොහොසත් වන්නේ නම්, අඑහි ප්‍රතිඵලයන් ලෙස රට අර්බුදයකට යමින් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

එනිසා හොඳම විකල්පය වන්නේ රජය ඉදිරියට ගෙන යා හැකි පිරිසකට බාර දීම බව ද අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.