ළමා අපයෝජන නඩු සඳහා නීතීඥ සහය නොමිලේ

කල් ගතවන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරීය නීතීඥ සහය නොමිලේ ලබාදීමට තීරණය කර තිබේ.

1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ඇමතීමෙන් ඕනෑම පුද්ගලයෙකුට නීතීඥ සහය ලබාගත හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

ළමා අපයෝජන නඩු කටයුතු ප්‍රමාද  වීම වර්තමානයේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ.

ඒ සඳහා කඩිනම් යාන්ත්‍රණයක් සැකසීමට මේ වන විටත් සැළසුම් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය සඳහන් කළේය.

එහි පළමු අදියර ලෙස මෙලෙස කල් ගත වන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නීතීඥ සහය නොමිලේ ලබාදීමට තීරණය කර