රාවය කර්තෘ ඉල්ලා අස්වෙයි අයිවන්ගෙන් බලපෑම්?

රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා අදාළ ධූරයෙන් ඉල්ලා අස්වීමට සිය අස්වීමේ ලිපිය කළමනාකාරීත්වයට ලබාදී ඇතැයි වාර්තා වේ.


ජනරංජන මහතා රාවය පුවත්පතේ කර්තෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කළ අතර රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා ප්‍රමුඛ කළමනාකාරිත්වය විසින් මීට සතියකට පමණ ඉහතදී ජනරංජන මහතාව ප්‍රධාන විධායක ධූරයේ කටයුතුවලින් ඉවත්කර තිබූ බවද පැවසේ.

මේ ඒ පිළිබඳ Uvindu Kurukulasuriya විසින් සියෆෙස්බුක් ගිණුමේ යොද තිබුණේ මෙවන් සටහනකි.

 

රාවය කර්තෘ ජනරන්ජන ඉල්ලා අස්වීමේ ලියුම දීල. හේතුව රාවයේ සභාපති අයිවන්ගෙ අනවශ්‍ය බලපෑම්. ගිය සතියෙ ජනරන්ජනට ලිඛිතව දැනුම් දීල පරිපාලන වැඩ වලිනුත් අයින් වෙන්න කියල . මෙතන සංස්කාරණ නිදහස ගැන බරපතල ප්‍රශ්ණයක් මතුවෙනව. රාවය එන් ජී ඕ එකක් වගේ, ඒ කියන්නෙ ගරන්ටි සමාගමක්. ඒකෙ ලාභ කාටවත් ගෙදර ගෙනියන්න බැහැ.

ඒක වහනවනම් ඒකෙ සියලු වත්කම් විශ්ව විද්‍යාලයකට හරි පුණ්‍යායතනයකට හරි දෙන්න ඔන්න . ඒත් අයිවන් නීතිවිරෝධීව ඒක නැවත තක්සේරුකරල අලුත් වටිනාකමට අනුව ඉන්න කීප දෙනෙක් එක්ක ලියාගෙන එයා කොටස් විකුණනව කියල ඒ කෙන් සීයට 40ක කොටස්වලට මිලියන 20ක් ඉල්ලනව . දැනටම මිනිස්සුන්ගෙන් පත්තරේ පවත් ගෙන යන්න කියල එකතු කරපු සල්ලි වලින් කොටසක් ගෙදර ගෙනිච්ච . ඉතිරි ටිකටත් එයා වැඩේ දෙන්න තමා යන්නෙ. සමාගම් රෙජිස්ට්‍රාර් මේ ගැන පරීක්‍ෂණයක් කරනව . රාවයේ ලේඛණ "අන්ඩර් ලොක් ඇන්ඩ් කී," කියල රෙජිස්ට්‍රාර් මට කිව්ව .

අනික එයාට ඕනෙ විදියට ඉන්න සංස්කාරක වැඩ කරන්න ඕනෙද ? සංස්කාරකට තමා මාධ්‍ය සම්බන්ධ අය වැය පාලනය කිරීමේ අයිතිය තියෙන්නත් ඕනෙ. ජනරන්ජන ආයෙ ආවත් වෙන කවුරුහරි සංස්කාරක උනත් සංස්කරණ නිදහස පිළිබඳ ප්‍රඥප්තියක් (charter of editorial independence) අස්සන් කරන්න ඕනෙ බෝඩ් එකත් එක්ක . අයිවන් අයින් උනා කිව්වට ආයෙ බලය පතුරවන්න යන්නෙ. ඒ වැඩ පිළිවෙලට ඉඩ දිය යුතු නැහැ.

uvi