අතුරුදහන්වූවන්ගේ ඥාතීන් දැවැන්ත විරෝධතාවයකට සැරසෙයි

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් රජය මෙතෙක් ස්ථීර ප්‍රකාශයක් හෝ විසඳුමක් ලබා නොදීමට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතී සංගමය වවුනියාවේදී විරෝධතාවයක් දියත් කරන ලදී.

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ඉල්ලා වවුනියාවේ පිරිසක් රජයට බල කරමින් වවුනියාව නගර ආසන්නයේ කූඩාරමක දැනට දින 335 ක සිට අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටිති.

මේ පිරිස මීට මාස දෙකකට පමණ ඉහතදී ජනාධිපතිවරයාද හමු වී අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නයට යම් සාධාරණ විසඳුමක් ඉල්ලා සිටි නමුත් මේ දක්වාම ඊට කිසිඳු පිළිතුරක් නොමැති බව වවුනියාව නගරයේ අඛණ්ඩ විරෝධතාවයක නිරත පිරිස කියා සිටිති.

ඔවුන් කියා සිටීන්නේ තම විරෝධතාවයට දැනට දින 335 ක් ගත වී ඇති අතර වසරක් පිරෙන දිනයේදී වවුනියාවේ සෙසු ස්වේච්ඡා සංවිධානවලද සහය ලබාගෙන වවුනියාව නගරය තුළ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවයි.