තවත් පළාත් පාලන ආයතන 248ක් සදහා නාම යෝජනා කැදවීම අදින් ආරම්භ වනවා.
මහ නගර සභා 17ක්, නගර සභා 23ක් සහ ප්‍රාදේශීය සභා 208ක නාම යෝජනා කැදවීම ලබන 21 වන දා දහවල් 12 න් අවසන් වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
එම පලාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අනිද්දා මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතයි.
නාම යෝජනා පත්‍ර පිරවීමේදී එහි නිර්වද්‍යතාව පිළිබදව නිසි අවධානයක් යොමු කරන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් ද කළා.
පළාත් පාලන ආයතන 93ක් සදහා පළමු අදියරේ නාම යෝජනා කැදවිම පසුගිය බ්‍රහස්පතින්දා අවසන් වූ අතර එහිදී පිලිගත් දේශපාලන පක්ෂවලින් නාමයෝජනා පත්‍ර 466ක් සහ ස්වාධීන කණ්ඩායම් වලින් නාමයෝජනා පත්‍ර 57ක් භාර දී තිබුණා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ ඉන් නාමයෝජනා පත්‍ර 23ක් තාක්ෂණික දෝෂ මත ප්‍රතික්ෂේප වූ බවයි.
එබැවින් නාම යෝජනා භාර දෙන සෑම ස්ථානයකටම උපකාරක සේවා සපයා ඇති බැවින් ඒ පිළිබද අවදානය යොමු කොට නාම යෝජනා සකස් කරන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉල්ලීමක් කළේ.
මේ දම්පන්ධව සියලු දෙනාගේ අවධානය යොමු විය යුත්‍ර බවයි සියලු දෙනාගේ අදහස වුයේ මෙතක් පටන් අප සියලු දෙනාම විසිර යෑමට කතාකා කර ගත් අතර අපිට මෙතැන්න කවතුරටත් රුකිය නෙහැකි බව සඳහන් කරනු කැමැත්තෙමි අද දින සිට යිලුගා දෙනා ගේ සිතුවිලි සම