භාණ්ඩ බෙදාහරිමින් ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට එරෙහිව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කටයුතු නොකරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ තංගල්ල - කාල්ටන් නිවසේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින්.