ශ්‍රී ලංකාවෙන් කෘෂි නිෂ්පාදනය ආනයනය කිරීම අද සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට රුසියාව තීරණය කර තිබේ.
මෙරටින් අපනයනය කළ තේ තොඟයක කෘමියෙකු සිටි බවට චෝදනා කරමින් අදාළ තහනම ක්‍රියාත්මක කරන බව රුසියානු රජය පසුගියදා නිවේදනය කළේය.
කෙසේ වුවද අදාළ කෘමියා ඇතුළුවීම මෙරටදී සිදු වූවක් නොවන බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය වන අතර තහනම වළක්වා ගැනීම සඳහා රුසියානු ජනාධිපතිවරයා වෙත සෘජු ඉල්ලීමක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයින් ලෙස නවීන් දිසානායක සහ රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යාමට ද නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවිත සබඳතා ඉතා ඉහළ මට්ටමක පවතින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස කිහිපයකට පෙර රුසියාවේ සංචාරයක ද නිරත වුණි.
මෑත කාලීනව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා රුසියාවෙන් නෞකාවක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර එය මෙතෙක් ක්‍රියාත්මක වී නැත.
මෙරටට ඇස්බැස්ටස් ආනයනය කරන ප්‍රධාන රට වන්නේ ද රුසියාවයි.
කෙසේ වුවද 2024 වසරේ සිට ශ්‍රී ලංකාව ඇස්බැස්ටස් ආනයනය තහනම් කිරීමට තීරණය කර තිබේ.
මේ අතර ඇස්බැස්ටස් තහනම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ලබන සතියේ රුසියාවේ සංචාරයක නිරතවීමට ද නියමිතෙ