ඝාතනය කරන ලද ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර මේ වන විට හමුව ඇත.
පිටුපස වම් පාදයට වෙඩි වැදී පෙර ප්රතිකාර කල සළකුණු මගින් ලොකු පූට්ටුවාගේ සිරුර හඳුනා ගැනුන අතර පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර අද(29) ගල්ගමුව කැලෑබද ප්රදේශයක තිබියදී සොයාගෙන ඇත.
දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්රියාත්මක කර තිබිණි.
ඝාතනය කර දෙදළ කපා දැමූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර කහල්ල පල්ලෙකැලේ , මොරගොල්ලාගම සොරොව් වැව ප්රදේශයේ දී හමුවී ඇති අතර වෙඩි වැදීමෙන් පසු ඇදවැටුණු හස්තියාගේ සිරුරේ කොටස් වළ දැමීමකින් තොරව වන ගහණය තුල දිරාපත් වෙමින් තිබුණි.
ජායාරූප: අන්තර්ජාලයෙනි
සබැඳි පුවත්