රත්නපුර සහ බදුල්ලට රතු නිවේදනයක්

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ පවතින නායයෑම් අවදානම් හේතුවෙන් රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් බදුල්ල  දිස්ත්‍රික්කයේ කන්දමුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් රතු නිවේදන නිකුත් කර ඇති බවයි නායයෑම් පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා සදහන් කළේය.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල අවදානම් ස්ථානවලින් ඉවත්වන ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති බව  වසන්ත සේනාධිර මහතා පවසයි.