කසිප්පු භාවිතය සම්බන්ධයෙන් තමා පර්යේෂණ වාර්තාව සකස් කළේ සම්මත විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.
ආචාර්ය දුනුසිංහ මේ බව පැවසුවේ අදාළ වාර්තාවේ දත්ත වැරදි බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු වශයෙනි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ආදායම් වියදම් සමීක්ෂණය, සුරාබදු දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා ආදී ද්විතියීක මූලාශ්‍ර මෙන්ම සම්මුඛ සාකච්ඡා හා ප්‍රශ්නාවලි ආදී ශාස්ත්‍රීය ක්‍රමවේද මේ සඳහා යොදාගත්තේ යැයි ආචාර්යවරයා අවධාරණය කර ඇත.
නීතිවිරෝධී දේවල් සම්බන්ධයෙන් පර්යේෂණ කරන සම්මත ක්‍රමවේද ඇති බව කී හෙතෙම තම වාර්තාව එම සීමා තුළ සිටිමින් සිදු කළ බවට සහතික වන්නේ යැයි ද පැවැසීය. අදාළ වාර්තාව සම්බන්ධයෙන් සැකයක් ඇති නම් ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් දත්ත රැස් කර වාර්තාවක් සැකැසීමට රජයට පහසුවෙන් හැකි යැයි ද ආචාර්ය දුනුසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නීතිවිරෝධී මද්‍යසාර වැටලීම් - දිනකට වැටලීම් 270ක්
පොලීසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද නීතිවිරෝධී මද්‍යසාර වැටලීම් ප‍්‍රමාණය වසරකට ආසන්න වශයෙන් 100,000ක් පමණ වෙයි. එයින් අදහස් වන්නේ දිනකට වැටලීම් 270ක් නැතහොත් පැයකට වැටලීම් 11ක් සිදු කෙරෙන බවය. ඒ අනුව සෑම විනාඩි 5කට වරක්ම එක් වැටලීමක් සිදු කෙරෙයි.
ලංකාවේ මද්‍යසාර පරිභෝජනයෙන් 41%ක් නීතිවිරෝධීය
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ශ්‍රී ලංකාවේ මද්‍යසාර පරිභෝජනයෙන් 41%ක් නීතිවිරෝධීය (ලෝක සෞඛ්‍ය සංවිධානය, මද්‍යසාර සහ සෞඛ්‍යය පිළිබ`ද ජාත්‍යන්තර තත්ත්ව වාර්තාව - 2014*. ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නිවාරණ සංගමයේ උප සභාපතිනිය වන වෛද්‍ය අනුලා විජේසුන්දර විසින් ‘‘ශ්‍රී ලංකාවේ බෝතල් මද්‍යසාර මත යැපීමේ සාපය නැවතිය යුතුය’’ යන මැයෙන් 2016 ඔක්තෝබර් 6 වැනිදා ඬේලි මිරර් පුවත්පතේ පළ වූ ලිපයකින් පවසන පරිදි, ශ්‍රී ලංකාවේ මද්‍යසාරවලින් 55%ක්ම නීතිවිරෝධීය. කොළඹ විශ්වවිද්‍යාලය විසින් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකින් (2017 නොවැම්බර් 7 වැනිදා ෆයිනෑන්සල් ටයිම්ස් පුවත්පත) පෙනී යන පරිදි, මෙරට නීතිවිරෝධී මද්‍යසාර පරිභෝජනය 49%කි. රාජ්‍ය නොවන සංවිධානයක් වන සමාජ සංවර්ධන ජාලය විසින් මෑතකදී පවත්වන ලද තවත් අධ්‍යයනයකින් පෙනී යන පරිදි, එම නීතිවිරෝධී මද්‍යසාර පරිභෝජනය 45%කි.
කොළඹ විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයට අනුව, නීතිවිරෝධී මද්‍යසාර පරිභෝජනය කරන්නන් ආසන්න වශයෙන් මිලියන 1.35ක් පමණ සිටිති. ඔව්හු වසරකට ආසන්න වශයෙන් නීතිවිරෝධී මද්‍යසාර ලීටර මිලියන 203ක් පරිභෝජනය කරති.
නීතිවිරෝධී මද්‍යසාර පරිභෝජනය කරන සමස්ත පිරිසෙන් තුනෙන් එකක් පමණ දිනපතා පාරිභෝජනය කරන්නන් වන අතර, නීතිවිරෝධී මද්‍යසාර පරිභෝජනය කරන්නත් අතරින් 40%ක් සතියකට දින 3ක් හෝ 5ක් පමණ ඒවා පරිභෝජනය කරති. නීතිවිරෝධී පරිභෝජකයින් අතරින් 75%ක් අධික ලෙස මත්පැන් පානය කරන්නන්ය. නීතිවිරෝධී පරිභෝජකයින්ගෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් අවුරුදු 40ට අඩු වයසේ පසු වන්නන් වන අතර පසුගිය වසර කිහිපය තුළදී නීතිවිරෝධී මද්‍යසාර පරිභෝජනය ආසන්න වශයෙන් 35%කින් පමණ ඉහළ ගියේය. නීතිවිරෝධී මද්‍යසාර භාවිතය ඉහළ යෑම ග්‍රාමීය ප්‍රදේශවල වඩාත් කැපීපෙනෙන ලෙස දැකගත හැකිය (කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය, 2017)
ආසියාතික රටවලට වඩා වෙනස් තත්ත්වයක් ලංකාවේ
අද වන විට මෙරට සමස්ත මද්‍යසාර පරිභෝජනයෙන් (නීතිමය මෙන්ම නීතිවිරෝධී) 85%ක් සැර වැඩි මද්‍යසාර හෝ ස්ප්‍රීතු වෙයි. සැර අඩු මද්‍යසාර පරිභෝජනය 15%ක් පමණකි. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සිදු කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දී ඇත්තේ 75%ක පමණ පිරිසක් දිනකට සැර මත්පැන් මිලි ලීටර 250කට වඩා ඉහළ ප්‍රමාණයක් බැගින් පරිභෝජනය කර තිබූ බව වන අතර, එය අනුමත මටට්ම්වලට වඩා බොහෝ සෙයින් වැඩි ප්‍රමාණයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව (2014 අනුව, ශ්‍රී ලංකාවේ ශුද්ධ මද්‍යසාරවලින් 85%ක් පරිභෝජනය කෙරෙන්නේ ස්ප්‍රීතු ලෙස වන අතර, මෙය සැර අඩු මද්‍යසාර වැඩියෙන් පරිභෝජනය කරන සෙසු ආසියාතික රටවලට වඩා වෙනස් තත්ත්වයකි.
සැර වැඩි මද්‍යසාර පරිභෝජනය කරන විට මද්‍යසාර මඟින් සිදු විය හැකි හානියේ බරපතළකම වඩාත් වැඩි වෙයි. සැර අඩු මද්‍යසාරවලින් ඇති වන අවදානම ඉතා අඩුය. සැර වැඩි මද්‍යසාරවලින් සැර අඩු මද්‍යසාර වෙත පරිභෝජකයින් යළි යොමු කරවීය යුතු වන්නේ එබැවිනි. මද්‍යසාර ප්‍රමාණය පදනම් කරගත් බදු අයකිරීම් ක්‍රමයක් හඳුන්වාදෙනු ලැබ ඇත්තේද එබැවිනි. එහි අරමුණ පරිභෝජකයා සැර වැඩි මද්‍යසාරවල සිට සැර අඩු මද්‍යසාර වෙත යොමු කරවීම වැදගත්ය.