උපත් පාලන කොපු පහසුවෙන් ලබා ගැනීමට හැකි යන්ත්‍ර ශ්‍රී ලංකාවේ සවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
එහි පළමු පියවර වශයෙන් කොළඹ බුලර්ස් පටුමග අසළ මෙම යන්ත්‍රයක් සවිකර ඇති අතර ඉදිරියේදී තවත් ස්ථාන රැසක එම යන්ත්‍ර සවි කිරීමට නියමිතය.
තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම අංකයට ලැබෙන PIN අංකය යන්ත්‍රයට ඇතුළත් කිරීමෙන් මෙම යන්ත්‍රය මඟින් උපත් පාලන කොපු ලබා ගැනීමට හැකිවන බව සඳහන්ය.
එක් පැකට්ටුවක් සඳහා දුරකථන බිළට රුපියල් 50ක් එක් වන අතර මාසික දුරකථන බිල්පතේ එය මිලදී ගත් භාණ්ඩය හෝ අදාළ කරුණ සඳහන් නොකර දක්වා ඇති බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ප්‍රකාශ කර සිටියි.
කොන්ඩම් ඉතිහාසය
ලංකාව තුළ කොන්ඩම් ඇතැම් අයට ලැජ්ජාශීලි කරුණක් වුවත් කොන්ඩම් සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් පවතිනවා.
ඊජිප්තුවේ මිනිස්සු පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කල බවට ඉතිහාසයේ සාක්ෂි පවතිනවා. කොහොම නමුත් 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල්වලින් තැනු කොන්ඩම් භාවිතා කළ බවටත් සාක්ෂි හමුව තිබේනවා.
ඊට පසුව කාර්මික විප්ලවයත් එක්ක රබර්වලින් හදපු කොන්ඩම් භාවිතයට එනවා. කොහොම නමුත් හැම දේකදිම වගේ මෙහිදීත් ආගමික මැදිහත් වීම සිද්ධ වෙනවා.
ඇමරිකාවේ මුලින් කොන්ඩම් තහනම් කරන්ඩ යෙදුනත් පසුව මෙහි වැදගත්කම අවබෝධ වීමත් සමඟ ඒ නීති ලිහිල් වනවා. දැන් බහුලව තියෙන්නේ ලේටෙක්ස් කියන රබර් වර්ගයෙන් හදපු කොන්ඩම්.
නමුත් සමහර අය මේ ලේටෙක්ස්වලට අසාත්මික නිසා පොලියුරිතේන් වගේ වෙනත් රසායනික සංයෝගවලින් හදපු කොන්ඩමුත් වෙළඳ පොලේ මිළ දී ගන්න තියෙනවා.
කොන්ඩම්වලින් උපත් පාලනයට අමතරව ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග සඳහාත් යම් ආරක්ෂාවක් ලබා දෙනවා. නිසි විදිහට කොන්ඩමයක් පාවිච්චි කළොත් ඒඩ්ස් ඇතුළුව බොහොමයක් ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලින් වැලකෙන්න පුළුවන්.