“Speaking Tears”

මේ කොළඹ කොටහේනේ පදිංචි නාගනාදන් පවුලයි. මීට වසර 9කට පෙර නගරයේ සාර්ථකව ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන ගිය මොවුන්ගේ සතුට අද නැතිව ගොසින්.

දිනපතා සියලු දෙවි දෙවතාවන්නට
කන්නලව්කර ඔවුන් ඉල්ලා සිටින්නේ මීට වසර නමයකට පෙර අතුරුදන් වු තම එකම පුතු සොයා දෙන ලෙසටයි.

1987 මාර්තු 30 උපත ලැබූ ඔහු   අතුරුදන් වන විට  වයස අවුරුදු විසි එකක තරුණයෙකි.

කොළඹ ජාත්‍යන්තර පාසලකින් අධ්‍යාපණය හැදෑරූ ඔහුගේ එකම ආසාව වුයේ වෛද්‍යවරයෙකු වීමටයි.

දෙදාස් අට වසරේ සැප්තැම්ර් දාහත් වැනිදාට පසුදින වෛද්‍ය අධ්‍යාපනය සදහා පියා සමග එංගලන්තයට පිටත්ව යෑම සදහා සියල්ල සුදානම් කර තිබුණා.

නමුත් රජිව් නාගනාදන් වර්ශ 2008 දී සැප්තැම්බර මස 17 වැන දින දෙහිවල ප්‍ර්දේශයේ දී අතුරුදන් විය.

 
වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයාට ඇමැතිවරයකු දැනුම් දී තිබියදීත් මේ සාහසික ඉරණම වෙනස් කරගත නොහැකි වුණේ ඇයි?

නාවික හමුදාවේ අතුරු කල්ලියක් මගින් සිදුකෙරුණු පැහැරගැනීම් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී මනෝජ් රත්නායක සිදු කරන හෙළිදරව්වයි..

නාරාහේන්පිට, ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී 30 වැනිදා (බ්‍රහස්පතින්දා) සවස 4.00 ට ..

යුක්ති ධර්මය අගයන සියලු දෙනාට ආරාධනා...