අය වැය ලේඛනය සම්මත කර ගන්නා අවස්ථාවේදී බියර් මිල අඩු කිරීමේ සහනය ඉවත් කරන බව කැබිනටි ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න (22) ප්‍රකාෂ කර සිටියේය.
ඒ අනුව බියර් මිල ඉහළ යනු ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයාත් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස තමාත් බියර් මිල අඩු කිරීමට විරෝධය දක්වන බවද කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යයවරයකු මත්පැන් පිළිබඳ සිදුකළ සමීක්ෂණයකට අනුව නිකුත් කළ දත්ත වැරදි ඒවා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
'ජාතික ආර්ථිකය සකස් කරන්නේ නෑ සූප්පු කටේ ගහගත්තු අය වෙනුවෙන්' දීප්ති කුමර ගුණරත්න
රටක ජාතික ආර්ථිකය සූප්පු කටේ ගහගත්තු අය වෙනුවෙන් සකස් නොකරන බව සත්හඬ කතෘ දීප්ති කුමර ගුණරත්න පවසයි. ඔහු මේ අදහස් දක්වා ඇත්තේ මෙවර ඇය වැය පිළිබඳ කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
ජාතික ආර්ථිකය වැනි කරැණකදී පුද්ගලික, සදාචාරාත්මක ප්‍රශ්ණ මැදිහත් කර නොගත යුතු බව ද ඔහු පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දීප්ති කුමර ගුණරත්න,
මේ ඇයවැයේ ප්‍රධාන තේමාව තමයි, මේ ණය කොහොමද ගෙවන්නෙ, අයවැය ආශ්රිත ව්‍යූහාත්මක වෙනස්කම් කරන්න ඕනෙ. මීට පෙර ආව අයවැයේ ප්‍රධාන ලක්ෂණය තමයි සහන ලබාදීම. දේශපාලන පක්ෂවල දේශපාලන අරමුණු සදහා හදපු අයවැයක් නමුත් මේ පාර අයවැයෙන් පොදු ප්රතිපත්තිහක් යටතේ රටේ අනාගතය ගැන හිතල අයවැය හදල තියෙන්නේ.
සැරබීම වල සැර අනුව මිල හදල තියෙන්නේ, ඒ අනුව බියර් වල සහ වයින්වල මිල අඩුවෙලා තියෙනවා. සමහරක් දේශපාලන පක්ෂ එක්තරා මතයක් මතුකරනවා, තරුණයින් සහ ස්ත්‍රීන් බියර් වලට ඇබ්බැහිවෙයි කියල. රටක ජාතික ආර්ථිකය වගේ ප්‍රශ්ණයකදී තමන්ගේ පුද්ගලික සදාචාරාත්මක ප්‍රශ්ණ අපි ගේන්න හොද නෑ ජාතික ආර්ථිකය සමග සෙල්ලම් කිරීමට සහ වෙනත් පුද්ගලයන් අමාරුවේ දාන්න.
බියර් සහ වයින් වලට අදාල බදු මුදල් අඩු කිරීම සම්බන්ධයෙන් කරල තියෙන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට. ලංකාවට එන සංචාරකයන්ට මෙම පානයන් අවශ්‍යයි එයාලගේ ශරීර උෂ්ණත්වය රදවා ගැනීමට, මේක අපි කසිප්පු සහ අරක්කු සමග පටලවා ගන්න හොද නෑ.
අපි වැඩිහිටියො. ජාතික ආර්ථිකය සකස් කරන්නේ නෑ සූප්පු කටේ ගහගත්තු අය වෙනුවෙන්. පාර්ලිමේන්තුවේ දේශපාලකයා මැද්දට පැනල කියනවනම් වයින් බියර් වැඩියෙන් බොන්න ගනී කියල, ඒකෙන් වකුගඩු නරක්වෙයි කියල ඒක බොළද කතාවක්.
අවුරුදු 18 ට වැඩිවුනාට පස්සේ කෙනෙක් ස්වාධීන පුද්ගලයෙක්. තීන්දු ගන්නේ තමන් කැමති විදිහට. ඒක ඒ කෙනාගේ ප්‍රශ්ණයක්. හරි දේශපාලන අරමුණක් නැති දේශපාලකයො තමයි අරය වයින් බොනවද බියර් බොනවද ගල්අරක්කු බොනවද කියල වැඩකට නැති දේවල් හොයන එක.
මේ යහපාලනය ආණ්ඩුව බලයට ආවම මහින්ද රාජපක්ෂට විරුද්ධව මතයක් ගොඩනැගුව පුරවැසිය කියන්නේ ප්රබුද්ධ පුද්ගලයෙක්, බියර් බොනවද අරක්කු බොනවද කියල තේරුම් ගන්න බැරි පොඩි ළමයි වගේ සලකන්න හදන්නේ. ඒ නිසා අපි මේ ගල් යුගයෙන් ඉවත් වෙන්න ඕනෙ. යනුවෙන් ඔහු අදහස් දක්වා සිටියේය.