උතුරේ ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ මහවිරු සොහොන් ඉවත් කළද එසේ ඉවත් කරන ලද සොහොන් කොත් එකතු කොට කිලිනොච්චිය කනක පුරම් ප්‍රදේශයේ ස්මාරකය ඉදිකොට ඇත.
මිය ගිය මහවිරුවන් වෙනුවෙන් නොවැම්බර් මස 27 වනිදාට යෙදෙන මහවිරු දිනයේ උතුරු පලාත් ප්‍රධානතම මහවිරු සැමරුම සිදු කෙරෙන කිලිනොච්චිය කනක පුරම් පුරම් ප්‍රදේශයේ මෙම සමාර්කය නිර්මණය කොට ඇත.
මෙහි එක් සංවිධායක වරයෙකු වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාද කටයුතු කරන අතර මිය ගිය මහවිරුවන් වෙනුවෙන් සිහිකිරීමට දැන ඉදිරිව ඇති එකම සිහිවටන ලෙසන් ඉවත් කරන ලද මහවිරු සොහොන් කෑලි හෙයින් එම සොහොන් කොටස් යොදා මෙම ස්මාර්කය සැදීමට මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විසින් පියවර ගෙන ඇත.
යුද්ධයෙන් මියගිය කොටි ත්රස්තවාදීන් සැමරීමට සියලු දෙනා එක්විය යුතු බවත් ජේ.වී.පී , ටෙලෝ සහ වෙනත් සංවිධානවලට මියගිය සාමාජිකයන් සැමරීමට අයිතියක් ඇත්නම් දෙමළ ජනතාවටත් අයිතියක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "සියලුදෙනා එක්ව මියගිය පනස් දහසකට අධික එල්.ටී.ටී.ඊ. සාමාජීකයන් (මහවිරුවන්) හා ලක්ෂයකට අධික සාමාන්‍ය වැසියන් සිහිකොට (27දා) සැමරීම් සිදු කළ යුතුයි. ලංකාවට නිදහස ලැබුණු දවසේ සිට දෙමළ ජනතාවට සාමකාමීව ගිවිසුම් මගින් විසඳුමක් නොලැබුණු නිසා තමයි දෙමළ තරුණයන් ආයුධ අතට ගත්තේ. එහෙම ආයුධ අරගෙන විශාල පිරිසක් මියගියා.
දැන් සංවිධානයක් නැහැ. නමුත් ඒ සංවිධානවලට ගිහින් මියගිය අය වෙනුවෙන් ඒ අයගේ ඥාතීන්ට සමරන්න අයිතියක් තියනවා” යැයිද ඔහු පවසා සිටියේය.