රනිල්ට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වයි

ලබන සඳුදා  (20)  බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද (16) දින කොමිසම විසින් දැනුම්දී ඇත.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිබඳ සඳහන් වූ හෙයින්, කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට අග්‍රාමාත්‍යවරයා සූදානමින් සිටින බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මීට පෙර පැවසීය.

 අගමැතිවරයා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු සඳහා  ඉදිරියේ දී කැඳවීමට බලාපොරොත්තු වන බවත්, අදාළ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බව නොවැම්බර් මස 2 දින බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු පැවසීය