අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

යහපාලන රජයේ 2018 වර්ෂයට අදාළ අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද (16) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.


ඒ අනුවේ පක්ෂව ඡන්ද 151 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 58 ලැබුණි.
දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 10 දින ආරම්භ විය. විසර්ජන පනත් කෙටුම්පත විවාදයේ අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ විවාද හෙට සිට ආරම්භ වෙයි.