යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ලබන ජනවාරි (18දා) යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා පෙරේදා (15දා) නියෝග කළේය.
1996 වසරේ ජූලි (19දා) යාපනය නාවක්කුලි ප්රදේශයේදී යුද හමුදාවෙන් අත්අඩංගුවට ගත් දෙමළ තරුණයන් 24 දෙනෙකු අතුරුදන් වූ බව කියමින් එම තරුණයන් කොටසකගේ ඥාතීන් විසින් ගොනුකළ පෙත්සම් නඩුව එදින විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙසේ නියෝග කරන ලදී.
2002 වසරේදී යාපනය මහාධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සමේ මූලික විභාගය චාවකච්චේරි මහේස්ත්රාත් අධිකරණයේදී විභාග කර අවසන් කිරීමෙන් පසු පසුගිය සතියේ සිට යාපනය මහාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.
මෙම පෙත්සමේ විත්තිකරුවන් ලෙස ශ්රී ලංකා යුද හමුදාපතිවරයා, නීතිපතිවරයා හා නාවට්කුලිය යුද හමුදා කඳවුරේ එවකට අණදෙන නිලධාරියා නම් කර ඇති අතර ඔවුනට එළැඹෙන ජනවාරි (18දා) යාපනය මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.