විල්පත්තු අපිට පත්තු වෙයිද?

විල්පත්තු පිළබඳ වසර 5කට කාලයක් සමාජයේ හා මාධ්‍යයේ කථා බහ විය ...... හරියට වඩදිය බාදිය වැනිය .........

එක් පැත්තකින් දේශේප්‍රේමි ( රට හා ජාතිය) සටනක් ලෙසත් තවත් පැතකින් පරිසර සංවේදී සටනක් ලෙසත් හදුන්වද්දී තවත් කණ්ඩයමක් මුස්ලිම් විරුද්ධ ජාතියවාදී සටනක්. දේශාපලන සටනක් බවට තර්ක කරති ...මේ සියලු දේ වෙද්දී මිට අදාල බලධාරින් හා නිලධාරීන් සුපුරුදු පරිදි මොලේ නිර්වින්දනය කරගෙන ( මොලේ තියනවනම් ) නිසා මේ පිළබඳ පැහැදිලි විසදුමක් හෝ වැඩපිළිවෙලක් නොදී ජානගත බඩගෝස්තරවාදී බව නිසා ඇස් කන් පියාගෙන කණ්ඩායම් දෙකෙන් දේශපාලන වාසි කිරා මනිමින් සිටි ......

 

අපිත් හැගුම් බර හදවතින් තීරණ ගන්නා සිංහල ජාතික අන්‍යතාව අනුව Facebook තම විරෝධය පලකරමින් සිටින අතර මුස්ලිම් ජාතිය තම ජාතිය වෙනුවෙන් පෙනී සිටින අතර දෙන දේ කලා වෙන්දේ බලා ඉන්න පිරිසකුත්සිටි
ඇත්තටම විල්පත්තුවේ වෙන්නේ මොකද්ද අපි සොයා බලමු පහත ප්‍රශ්නවලට තාර්කික සාක්ෂි සහිතව උත්තර සොයාගන්න පුලුවන්නම් ඒම තොරතරු මත ලංකියෙක් ලෙස ඔබේ වගකීම ඉටු කල හැක.

 1 විල්පත්තු ප්‍රදේශය වැදගත්වන්නේ ඇයි? එය වැදගත් වන්නේ ඒ ප්‍රදේශය අවට ජිවත්වන්නට විතරද?

2 විල්පත්තු ප්‍රදේශය පංදිචි කරවීම හරහා සිදුවන පරිසර හානිය කුමද්ද? එහි රටට දකුණේ ජිවත්වන මා හට හානිය කුමද්ද?

i විල්පත්තු සිමා මායිම් මොනවද? ( ඉතිහාසය හා වර්තමාන නීති ගත ක්‍රම වේදය තුල)


3 ඉතිහාසයට අනුව මෙම ප්‍රදේශයේ ජනාවස තිබුණාද? එම ජනාවාස තිබු සිමා මායිම් මොනවාද? එම සිමා මායිම් රක්ෂිත වනාන්තරයේ සිමා මායිම තුල පිහිටියාද?


4 විල්පත්තු රක්ෂිත වනාන්තරයේ අක්කර කොපමණද? එය පනතක් මගින් ප්‍රකාශ කලේ කවදාද? එදා රක්ෂිත වනාන්තරයේ සිමා මායිම් නීති මගින් වෙනස් වුවාද ? එසේ නම් ඒ කවදාද?


5 ඉතිහාසයට අනුව මෙම ප්‍රදේශයේ ජනාවස වල ජිවත් වූ ජාතීන් මොනවාද එහි සංයුතිය කුමද්ද හා පවුල් ගණන හා ඔවුන්ට අයත් ඉඩම් ප්‍රමාණය කුමද්ද ?


6 මෙය නැවත පංදිචිකිරීමේ වැඩපිළිවෙලක් නොවේ නම් මෙහි පංදිචි කර ඇති පවුල් කොහේ සිට පැමිණියාද? ඒ පිලිබඳ ඇති සාක්ෂි මොනවද?

7 දැනට පංදිචි කර ඇති පවුල් කීයද ?එය ජාතිකත්වය අනුව සංයුතිය කියද ? ඉට්ස් වෙන් කල ඇති භුමි ප්‍රමාණය කීයද ? එම භුමි ප්‍රමාණයේ සීමා මායිම් මොනවද?


8 ඉහත 3 හා 7 භුමි ප්‍රමාණයේ හා විශාල වෙනසක් තිබේද ? ( දශක දෙකක් තුල පවුල් වර්ධනයක් සිදුවන බව තාර්කිකව පිළිගත යුතුය .)


9 මෙහි නැවත පංදිචිකිරීමේ හෝ බලෙන් පංදිචිකිරීමේ ක්‍රියාවලියදී සම්බන්ධ වූ රාජ්‍ය ආයතන කවරක්ද? ඔවුන්ගේ කාර්යභාර්ය කුමක්ද ?


10 මෙහි නැවත පංදිචිකිරීමේ හෝ බලෙන් පංදිචිකිරීමේ ක්‍රියාවලියදී කපා දැමුණු ගස් ගණන කියද ? එම වටිනා ගස් වලට කුමක් සිදුවුනිද? ඊට වගකිය යුත්තේ කවරුද ?


12 මෙම ප්‍රදේශය පංදිචිකිරීම නිසා පරිසරය විනාශ වන්නේ නම් මෙම පවුල් වලට පංදිචිකිරීමට ඊට ආසන්න වෙනත් සුදුසු ප්‍රදේශ හදුනගෙන තිබේද?

13 මෙම වැඩපිළිවලට විරුද්ධව අරන් තිබෙන නීතිමය පියවර මොනවද? එහි ප්‍රගතිය මොනවාද ?

i ජනගහන වර්ධන වේගය හා පරිභෝජන අවශ්‍යතා වෙනස්වීමට අනුකුලව ජනතාවට අවශ්‍ය ඉඩම් ලබන්නේ කෙසේදයන විසදුම් මොනවාද ? ( විශේෂයෙන් උතුරේ හා නැගෙනහිර යුද්ධය නිසා වනාන්තර වල මින්සුන් දශක 3ක් පදිංචි නොවූ නිසා ඒවගේම දකුණේත් මේ අඩු වැඩි වශයෙන් බලපා ඇත )


14 දකුණේ සිංහරාජ යාල හැටන් ප්‍රදේශ වල මෙවැනි සිදුවීම් නොවෙනවාද? එසේ සිදු වෙනවනම් ගත් පියවර කුමක්ද?


15 පරිසරයට ආදරය කරන ජනධිපතිතුමා පරිසර ඇමැතිතුමා ලෙස මෙම අවබෝධයක් ලබා තිබෙනවාද? ඒ වෙනුවෙන් ගත් පියවර මොනවාද ?


16 හිටපු ජනධිපති හා උතරු වසන්තය ක්‍රියාත්මක කල බැසිල් රාජපක්ෂ මහතා හා විපක්ෂය ( JVP ඇතුළුව )මේ සම්බන්ධයෙන් දක්වන අදහස හෝ ගන්නා ක්‍රියාමාර්ග මොනවද ?


17 අපේ රටේ සිවිල් සංවිධාන ( වෛද්ය, නීති ,ආචාර්යවරු ,පුජකවරු ) මේ පිළබඳ හැදෑරීමක් කර තිබෙනවාද? කර තිබේනම් ගත් ක්‍රියාමාර්ග මොනවාද ?
ඉහත කරනා වලට තර්කානුකූල සාක්ෂි දත්ත හා සිතියම් හා වෙනත් සාධක තුලුන් අවබෝධය ලබාගෙන ඉන්පසුව බුද්ධිමත්ව පුරවැසියෙක් ලෙස ඔබේ වගකීම ඉටු කිරීමට ආරාධනා කරමි .


ඕනෑම සංවාදයකට ඉඩ කඩ අතර එවැනි සංවාදයක් මෙහෙයවීමේ මා ඉදිරිපත්වීමට සුදානම් .. ඕනෑම නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමට මා සුදානම් .. ඒ අන්කවර හේතුවක් නිසා නොව ගැටලුව පිළබඳ අවබෝධය ලබා ගැනීම තුලින් තර්කානුකූල විසදුමක් සොයා ගැනීමටයි .

 

Captain උදිත චන්දිමාල්