විදුලි මෝටර් රථ ආනයනය කිරීමේදී රුපියල් ලක්ෂ 10ක බදු සහනක් ලබාදීමේ අයවැය යෝජනාව සංශෝධනය කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල කියා සිටියේ වසරක කාලයක් පාවිච්චි කරන ලද විදුලි මෝටර් රථ සඳහා ද එම බදු සහනය හිමි වන පරිදි අයවැය යෝජනාව සංශෝධනය කරන බවයි.
නව විදුලි මෝටර් රථ මෙරටට ආනයනය නොකරන බව වාහන ආනයනකරුවන් විසින් රජයට පෙන්වාදීම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකිරීමට තීරණය කළ බවයි නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා කියා සිටියේ.
ඒ අනුව අදාළ සංශෝධනය ඇතුලත් ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.