ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්ෂාව ලබා දෙමින් තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැරගැනීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් නාවික හමුදාපතිවරුන්ගෙන් රුපියල් කෝටි 500ක් අයකර දෙන්නැයි ඉල්ලමින් ‘ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගම’ කොළඹ දිසා අධිකරණයේ අද (14) වන්දි නඩුවක් පැවරීය.
ඇවන්ට්ගාඞ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගම’ විසින් පවරනු ලැබ ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නීතීපතිවරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ආර්. සී. විජේගුණරත්න මහතා, හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ටී.එෆ්.එල්. සින්නයියා සහ නාවික හමුදාපති අද්මිරාල් එස්.එස්. රණසිංහ යන මහත්වරුන් නම් කරනු ලැබ ඇත.
තමන් ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්ෂාව ලබා දෙමින් හා ඒ සඳහා අවශ්‍ය ගිනි අවි සහ පතුරම් තබා ගනිමින් කුඩා ප්‍රමාණයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගිය බව එම පෙත්සමේ සඳහන් වෙයි.
ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට මුහුදු ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් වසර 14ක පළපුරුද්දක් ඇති තම සමාගම එම ව්‍යාපාරය 2011 වසරේදී සංස්ථාපනය කළ බවත් ගොඩබිම් ආරක්ෂක කටයුතු වල නිරතව සිටි ‘රක්නා ලංකා’ සමාගමෙන් තමන් මුහුදු ආරක්ෂක කටවයුතුවලට අවශ්‍ය ගිනි අවි සහ පතුරම් ගෙවීමේ පදනම මත ලබාගත් බවත් එම පෙත්සමේ සඳහන් වෙයි.
නමුත් පසු අවස්ථාවක ‘රක්නා ලංකා’ සමාගමෙන් ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට මුහුදු ආරක්ෂාව ලබා දීම ආරම්භ කළ බවද එහි දැක්වේ.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුව මුහුදු ආරක්ෂක කටුයතු සඳහා ‘එස්.එස්. මහනුවර’ නැවේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව 2015 නොවැම්බර් මස 13 වැනිදා නාවික හමුදාව විසින් ගාලූ වරායේදී අත්අඩංගුවට ගත් බවත් ඉන් අනතුරුව තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැර ගැනීමෙන් තමන්ට රුපියල් කෝටි 240කට අධික පාඩුවක් සිදුවු බවත් සඳහන් කරන පෙත්සම්කරු තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි 500ක් වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන්නැයි ඉල්ලීමක්ද කර ඇත.