මෙවර අයවැයෙන් පින්නවල අලි පර්යේෂණාගාරයක් ඉදි කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා යෝජනා කළේය.
එසේම විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බද්ධ රුපියල් ලක්ෂ 10කින් අවම වශයෙන් අඩු කිරීමට ද යෝජනා විය.
ඊට අමතරව අමාත්‍යවරයා මෙසේද යෝජනා කර සිටියේය.
“ කූඩු කළ සතුන් සංකල්පයෙන් බැහැරව විවෘතව සතුන්ට ජීවත්විය හැකි පරිදි දෙහිවල සත්වෝද්‍යානය සකසනවා. පින්නවල අලි අනාථාගාරය යළි ප්‍රතිසංස්කරණය කරනවා.
සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පරිසර හිතකාමී උද්‍යානයක් ඉදිකෙරේ. පුස්තකාලයක් , ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී අංගවලින් එම උයන සමන්විතය. මේ සඳහා මාතර නිල්වලා ගඟේ වම් ඉවුරේ සුවිසල් කලාපයක් දැනටම ආරම්භ කර ඇත.
පවිත්‍ර ගංගා ව්‍යාපෘතියෙන් කම්හල්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම නැවැත්වීමට හැකියි. ඒ සඳහා සහනදායී ණය පහසුකම් ලබා දෙනවා. - මංගල සමරවීර
මල්වතු ඔය, කුඹුක්කන් හා මා ඔය ආවරණය වන පරිදි භූගත ජලමාපක සවිකෙරේ.
නාගරික ගංවතුර පාලනය ඉලක්ක කරමින් කාලගුණික තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි ගංවතුර පාලනයට ආරක්ෂණ බැම්මක් ඉදි කෙරේ. වීඔය ඇතුළු ඉහළ ගංගාධාරවල නව බහුකාර්ය ජලාශ ඉදිකෙරේ.
ඩීසල් ත්‍රීරෝද බද්ද 50,00කින් වැඩි කරයි
අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කෙරේ.
කාබන් බද්දක් හඳුන්වාදෙනවා.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක නිශ්පාදන බද්දක් පැනවීමට යෝජනා කෙරෙයි.
සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා කෙරේ.
විදුලි බස් රථ 50ක් සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.
එයාර් බග් (වායු බැලුන) සහිත වාහන ගෙන්වීම අනිවර්ය කිරීමට යෝජනා කෙරේ.
දේශීය වශයෙන් එකලස් කරන විදුලි බස් රථ හා කාර් සඳහා විශේෂ සහන ලබාදෙනවා
ඩීසල් වලින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා ආනයන බද්ධ රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා කෙරේ. විදුලියෙන් දුවන ත්‍රීරෝද රථ සඳහා සහන.
එන්ජින් ධාරිතාවය 2500ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්ධක් පනවනවා
විදුලි ත්‍රීරෝද රථ හා බස් රථ ඇතුළු විදුලියෙන් ධාවනය වන රථවාහන බදු අඩු කරනවා.
රටේ තියෙන සියලුම වාහන 2040 වන විට ඛණිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය කරන වාහන බවට පත් කළ යුතුයි.
ජංගම දුරකථන කුළුනුවලට බද්ධක්
අපනයන වෙළඳපොල ප්‍රවේශයට පහසුකම් සැලසීම පිණිස පරිසර වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන් මඩ ඉවත් කිරීම කළ යුතුයි. ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා. - මංගල
වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීමට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කෙරේ.
2018 දී මීගමුව, රැකව, පුත්තලම, මඩකලපුව, නන්දිකඩාල්, මුන්දලම ආදී කලපු 10ක් සංරක්ෂණය කෙරේ.
ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප්‍රතිෂ්ඨාපනය කිරීමට යෝජනා කෙරේ. ඊට රුපියල් මිලියන 400ක් වෙන් කෙරේ.
ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප්‍රතිස්ඨාපනය කිරීමේ ව්‍යාපෘතියකට රුපියල් බිලියන 400ක් වෙන්කෙරේ. මීගමුවේ සිට මාරවිල දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීමට ආයෝජන ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරේ.
ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කෙරේ.
ජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක් අය කෙරේ.