විද්‍යුත් මෝටර් රථ රුපියල් ලක්ෂ 10 කින් අඩු කර අධි සුඛෝපභෝගි වාහන බද්ද ලක්ෂ 25 කින් වැඩි කරයි

නීල හරිත අයවැය තේමාව යටතේ විද්‍යුත් මෝටර් රථ රුපියල් ලක්ෂ 10 කින් අඩු කිරීමත් අධි සුඛෝපභෝගි වාහන බද්ද ලක්ෂ 25 කින් වැඩි කිරීමටත් තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා. 

එමෙන්ම ත්‍රිරෝද රථ ආනයන බද්ද රුපියල් 50,000 කින් ඉහළ දැමීමටයි මෙවර අයවැයෙන් තීරණය කර ඇත්තේ. 

ජංගම දුරකථන කුළුණු සදහා නව බද්දක් ද පැනවීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා. 

2018 වසර සඳහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළා.

මේ අතර, යතුරුපැදි, මගී බස් රථ සහ මෝටර් රථ සදහා නව කාබන් බද්දක් ද හදුන්වාදීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ.