වත්මන් ආණ්ඩුව ඉන්දීය තෙල් මාෆියාවට හසුව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.
තෙල් මිලදී ගැනීමේදී ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධ වූ ටෙන්ඩර් වංචාවක් සිදුව තිබෙන බවත්, ඒ පිළිබඳව ඉදිරි දින කිහිපයේදී සියලු නම් ගම් සහිතව තොරතුරු හෙළිදරව් කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තෙල් මිලදී ගැනීමේදී සමාගම්වලින් මිල ගණන් කැඳෙව්වාද නැද්ද යන්න සම්බන්ධව එහිදී කරුණු අනාවරණය කරන බවයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යුද්ධය කරගෙන යන අවස්ථාවේදී අඩුවකින් තොරව රටට ඉන්ධන සැපසූ බවත්, බලය බෙදීමට කතා කරන වත්මන් ආණ්ඩුවට ඉන්ධන හරිහැටි බෙදාගැනීමට නොහැකි වී ඇති බවද හෙතෙම පවසා සිටියේය.
ඉන්ධන හිඟය
ඉන්ධන හිඟය ඇතිවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියන් තෙල් සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් හතලිස් දහසක නෞකා දෙකක් නියමිත පිරිවිතරයන්ට නොමැතිව ප්‍රතික්ෂේප කිරීම නිසා බවද වාර්තා වේ.
දිනකට පෙට්‍රල් ලීටර් හතලිස් හය ලක්ෂයක් අලෙවි වන අතර දැනට සපුගස් කන්ද තෙල් පිරිපහදුවේන් දිනකට නිෂ්පාදනය කරනු ලබන්නේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් පන්දහසක් පමණක් බවද පැවසේ.
එම තත්ත්වය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලින් යතුරුපැදියකට පෙට්‍රල් ලීටර 2ක්ද, ත්‍රීරෝද රථයකට පෙට්‍රල් ලීටර් 3ක්ද, ජීප් හා කාර් රථයකට පෙට්‍රල් ලීටර් 20ක්ද ලබාදීමට තීරණය කර තිබේ.
පසුගිය සිකුරාදා සවස සිට රටපුරා ඉන්ධන පිරවුම්හල්වල අධික පෝලිම් දැකීමට හැකි අතර මහාමාර්ගවල මෝටර් රථ ධවනයේද අඩුවක් දක්නට ලැබේ.