හිරුනිකා හැර අනෙක් අටදෙනා වරද පිළිගනී

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයෙකු පැහැරගෙන යාමේ නඩුවේ සැකකරුවන් නවදෙනාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හැර සෙසු සැකකරුවන් අටදෙනා චෝදනා 07කට වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව දඬුවම් නියම කිරීම මේ මස 27 වන දින සිදුකරන බවයි කොළඹ මහාධිකරණය කියා සිටියේ.