ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්යක්ෂවරුන් දෙදෙනෙකු වන ඉන්දික ප්රභාත් කරුණාජීව මහතා සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා නොමැතිව එම සමාගමට එරෙහි නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය තීරණයකොට ඇත.
එම අධ්යක්ෂකවරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් නොවී විදේශගතව සැඟවී සිටින බවට අධිකරණයට ඉදිරිපත් වු සාක්කි සැලකිල්ලට ගනිමින් අධිකරණය එම තීරණය කර ඇත.
එම සමාගමේ අනෙක් සාමාජිකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතායි.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයා ගත් බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.