කතරගම දේවාලයේ ගැටළුව සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට
සහකාර කොමසාරිස්වරයකු පත් කර ඇති බවට මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.
කෙසේ වෙතත් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී.කුමාරගේ මහතා මාධ්‍යය වෙත සඳහන්කොට ඇත්තේ දේවාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.
පසුගිය 22 වන දින කතරගම දේවාලයේ යතුරු බස්නායක නිළමේවරයාගේ කණ්ඩායමක් පැහැරගැනීමේ සිද්ධියක් හේතුවෙන් ගැටුමක් ඇතිව තිබූ අතර දුටුගැමුණු රජු සමයේ සිට පවත්වාගෙන ආ උදෑසන පූජාව එදින පවත්වනු ලැබුවේ බොහෝ වේලාවක් ප්‍රමාදවීමෙන් පසුවය.
ඊයේ පැවති මාධ්‍යය හමුවකදී බස්නායක නිළමේවරයා පැවසූයේ දේවාලයේ ප්‍රධාන කපු මහතා ඇතුළු කපුමහතුන් කිහිපදෙනෙකු කිසිවකුටත් පාලනය කල නොහැකි හා අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කරන බවයි.
මේ අතර බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා පෙන්වාදී ඇත්තේ සියලු පාර්ශවයන්ගෙන් සිද්ධියට අදාලව කරුණු විමසීමට තීරණය කර ඇති බවයි. ඊට අදාල වාර්තාව එළඹෙන සඳුදා දිනයේ ලැබීමෙන් පසු ඉදිරි පියවර ගන්නා බවයි කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ.