ඊයේ (23) දිනයේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට
පාර්ලිමේන්තුවේ මීළඟ සභා වාරයේ සිට පසුපෙළ අසුනක් හිමි වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙයි.
අමාත්‍ය ධුරය දරණ සමයේ ඔහුට හිමිව තිබුණේ ආණ්ඩු පක්ෂයේ 34 වන ආසනයයි. අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග ඔහු ආණ්ඩු පක්ෂයේ 93 වන ආසනය දක්වා පසුපසට යනු ඇති බවට පාර්ලිමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වාදෙයි.
අදාළ ආසනය පිහිටා ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ආසන පෙළෙහි අවසානයේයි.