සීලියා සැන්චෙස් - කියුබානු විප්ලවයේ පුරෝගාමී කාන්තාවන් අතර මුදුන් මල්කඩ

කියුබානු විප්ලවයේ චේ ගුවේරා සහ පිදෙල් කස්ත්‍රෝ සමග උරෙනුර ගැටෙමින් සටන් කළ කාන්තාවන් විශාල පිරිසක්ද සිටියා. එහෙත් ඔවුන් පිළිබදව ලෝකය දන්නේ සුලු වශයෙන්. එවන් වීරවරියක වූ සීලියා සැන්චෙස් උපන්නේ 1920 මැයි 9දාකය.පිදෙල් කස්ත්‍රෝගේ සමීප මිතුරියක වු අැය බැටිස්ටා පාලනයට රෙහි විප්ලවයට සම්බන්ධ වූයේ 1952 මාර්තු 10 වැනි දිනය.

විප්ලවයට සම්බන්ධවූ මුල්ම කාන්තාවන් කිහිප දෙනා අතුරින් එකියක වූ සීලියා සටන් පෙරමුණේ ඉදිරියෙන්ම සිටි කාන්තාවක්. මන්සනිලෝහි ජුලි 26 ව්‍යාපාරයේ නිර්මාතෘවරිය වූයේ අැයයි. ඉතා නිවැරැදි තීන්දු ගැනීම දක්ෂයකු වූ ඇය ග්‍රැන්මා ගොඩබැසීමේ ක්‍රියාවලිය සදහා සියලු කටයුතු සම්පාදනය කළ අතර ගරිල්ලා හමුදාවට ආහාර සහ වෛද්‍ය සැපයුම් ද රැගෙන යාමට ද ඇයට සිදුවුණා. සියලු රහස් පණිවිඩ ගෙන රැගෙන ගියේද.ඇයයි.ඇය ඇතැම් අවස්ථාවල රහස් පණිවිඩ යැවුවේ සමනල තටුවල සගවලා.

බුදධිමත් කාන්තාවක වූ සීලියා විප්ලවය ජයග්‍රහණයෙන් පසු විප්ලවවාදී කවුන්සිලයේ ලේකම්වරිය ලෙසද රාජ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කළා. 1980 ජනවාරි 11 වැනිදා සීලියා මිය ගියේ පෙනහලු පිළිකාවකින්. විප්ලවය පිළිබද බොහෝ ලිපි ලේඛන ඇය අතින් ලියැවුණා. දැන් ඇගේ රුව කියුබානු මුදල් නෝට්ටුවල දැකිය හැකියි. සීලියා සැන්චෙස්ගේ ජීවන පුවත අළලා නැන්සි ස්ටවුට් නම් ලේඛිකාව අපූරු ග්‍රන්ථයක් එළිදක්වා තිබෙනවා.

ONE DAY IN DECEMBER - CELIA SANCHEZ AND THE CUBAN REVOLUTION එම කෘතියේ නමයි.

ප්‍රියන්ජන් සුරේෂ් ඩී සිල්වා