මචං දයාසිරි...

ක්‍රීඩා ඇමතිතුමනි
දයාසිරි මචං, මචං කියන්නේ ඒකාලෙත් මචං කියපු නිසා මචං. ක්‍රීඩකයො උඹේ මට්ටමට ඉගෙන ගෙන නෑ. උං හිතන්නේ උං පොරවල් උනාම උන්ට ඕන දෙයක් කියන්න කරන්න පුලුවන් කියල. උන්ට තියෙන ජාත්‍යන්තර පිලිගැනීම, උන්ට තියෙන ජාතික පිලිගැනීම, මේ හම දෙයකින්ම උන් ජාතික වස්තු වෙනව. එහෙම වෙනකොට උන්ට ගොඩක් දේවල් අමතක වෙනව. ඒක තමයි ඇත්ත. උඹ ක්‍රීඩා ඇමතිවරයා. උඹ දෙයක් තේරුම් ගන්න පුලුවන් මනුෂ්‍යයෙක්. උඹට සාධාරණව හිතන්න පුලුවන්. මාලිංග, කුලසේකර මේ ටීම් එක ඇතුලට එන්නෙ නැතුව අපිට වෙනසක් කරන්න බෑ. අපි රටක් විදියට ජයග්‍රහණයන් අඩු රටක්. ක්‍රිකට් විතරයි අපිට රට උස්සන්න පුලුවන් එකම ක්‍රීඩාව. අපි පොඩි දේටත් සංවේදී වෙන්නෙ අපිට ජයග්‍රහණ අඩු නිසා. අපි ක්‍රිකට්වලින් දිනුවොත් ඒකෙ වාසියත් උඹට. සභාපතිටවත් කැප්ටන්ට වත් නෙවෙයි. ආනා පුංචිහේවා ලෝක කුසලානෙ අරන් දීලා පරදින්නේ. ඒක තමයි ක්‍රිකට්වල දේශපාලනය. ඒක නිසා මචං ක්‍රිකට්තව දුරටත් තියා ගන්න ඕන නම් මාලිංගල කුලසේකරලගෙ කට වාචාල කම් පැත්තකට දාපං, උන්ගෙ දක්ෂතාවයන් ගැන හිතපං. එදාට උඹ නියම දේශපාලනඥයෙක්.
උපුල් කුමරප්පෙරුම