කතිරේ ගහලා වැඩක් තියනවද? වෙන්නේ මොකක් ද? කියලා දන්නෙනැතුව

මෙරට ජනතාවගේ සාක්ෂරතාව 99%ක් පමණ ඉහළ පැවතියත් දේශපාලන සාක්ෂරතාව තියෙන්නේ ඉතාමත් පහළ ස්ථානයක මේ කතාව එහෙම කියන්න පාට පක්ෂ භේදයක් නැතිවයි. අපේ බහුතරයක් දෙනා මේ පාලන ක්‍රමය පිළිබඳ දැනුවත් භාවයක් නැහැ, ඒක නිසයි බහුතරයක් දේශපාලඥයෝ ඡන්දයක් කිට්ටු වුනාම බඩු බෙදනවා, පාක්ෂිකයන්ගේ මළ ගෙයක් , මඟුල් ගෙයක් මඟ අරින්නේ වැතිව යනවා. එත් ඡන්දයක් දිනවට පස්සේ ආයිමත් ඒ දේශපාලඥයෝ හොයා ගන්නවත් නැතිව යනවා ආයිමත් ඡන්දයක් කිට්ටු වුණාම බඩු බෙදනවා… ඔය වගේ වෘතයක ගමන් කරමින් තමයි අපේ මිනිස්සු බහුතරයක් ඡන්දය දෙන්න පෙළඹිලා ඉන්නේ.

අපි රටක් විදියට ඉදිරියට යන්න නම් අනිවාර්යෙන්මේ දේශපාලනික ක්‍රමය වෙනස් කරන්නම වෙනවා ඉතින් ඒ වෙනුවෙන් දේශපාලනික දැනුවත්භාවයක් හදාගන්න අවශ්‍යයි.  කොහොම වෙතත් මෙවර පැවති පළාත් පාලන ඡන්ද පුංචි ඡන්දය තිබ්බේ අළුත් ක්‍රමයක ගැන කැෆේ ආයතනය විසින් ලියුවුණ දැනුවත් කිරීමක් තමයි පහතින් තියෙන්නේ

පුංචි ඡන්දයේ අළුත් ක්‍රමය මොකක් ද?

පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරය) හා සියලුම සංශෝධන

දීර්ඝ කාලයක් තිස්සේ පළාත් පාලන ආයතන වලට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ කොට්ඨාස ක්‍රමය වෙනුවට සමානුපාතික ක්‍රමය, 1979 මහ නගර සභා සහ නගර සභා ඡන්ද විමසීමේදී හඳුන්වා දෙන ලදි. මෙයට අදාල පනත 1977 අංක 24 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතයි.
පළාත් පාලන ඡන්ද විමසීම් වලදී සමානුපාත ඡන්ද ක්‍රමයට මනාප සලකුණු කිරීම හදුන්වා දෙනු ලැබුවේ 1991 පළාත් පාලන ඡන්ද විමසීමේදීය.එයට අදාල පනත වූයේ 1987 අංක 24 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත හා 1990 අංක 25 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත යි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතට අදාල වැදගත් සංශෝධන පනත්
1. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත
2. 2016 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්(සංශෝධන)පනත
3. 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)පනත

(2016 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මඟින් පළාත් පාලන ආයතන වෙනුවෙන් 25% ක් වූ කාන්තා නියෝජනයක් අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සලසන ලද නමුත් එම ප්‍රතිපාදන 2017 අංක 16 පනතින් සංශෝධනය වී තිබේ.)
පළාත් පාලන ආයතන වෙනුවෙන් බෙදිය බෙදිය හැකි කොට්ඨාස වර්ග දෙකකි.

කේවල කොට්ඨාස බහු කොට්ඨාස

ජාතික සීමා නිර්ණය කමිටුවේ නිර්දේශ ජනාධිපතිවරයා විසින් 2015 /8 / 21 දිනැති 1928 /26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ i වන සහ ii වන කොටස වශයෙන් නිකුත් කරන ලදී.
සීමා නිර්ණය පිළිබඳ සමාලෝචන කමිටුව විසින් සකස් කරන ලද සංශෝධන 2017/2/17 දිනැති හා අංක 2006/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළ කරන ලදී.

1. ශ්‍රී ලංකාවේ සියලු පළාත් පාලන ආයතන වෙනුවෙන් පිහිටුවන ලද මුළු සභික කොට්ඨාස ගණන හා ඒවා වෙනුවෙන් තෝරාපත්කර ගැනීමට නියමිත සභික සංඛ්‍යාව

2012 සංශෝධනයට පෙර
සභික සංඛ්‍යාව 4486 කි

කොට්ඨාස සංඛ්‍යාව තෝරාපත් කරගත යුතු සංඛ්‍යාව

1.කේවල සභික කොට්ඨාස 4750 4750
2.සභිකයින් දෙදෙනෙකු බැගින් පත්වීමට නියමිත බහු කොට්ඨාස 165 330
3.සභිකයින් තිදෙනෙකු බැගින් පත්වීමට නියමිත බහු කොට්ඨාස 4 12
4919 5092
(මෙයට අමතරව සභිකයින් 40% ක් ද සමානුපාත ක්‍රමයට තෝරා ගැනෙයි)
2. පළාත් පාලන ආයතන සංඛ්‍යාව
මහ නගර සභා - 24
නගර සභා - 41
ප්‍රාදේශිය සභා - 272
337

3. නාම යෝජනා දැන්වීම 

තේරීම් භාර නිලධාරින් විසින් නාම යොජ්නා දැන්වීම පළ කරන දිනයේ සිට 14වන දිනයෙන් ආරම්භ වී ,17 වන දින දහවල් 12ට නාම යෝජනා කාල සීමාව අවසන් වෙයි.

4. නාම යෝජනා පත්‍රයක ඇතුළත් කළ යුතු අපේක්ෂක සංඛ්‍යාව (28 වන වගන්තිය)

නාම යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් භාවිත කිරීමට නියමිත වූ ආකෘති පත්‍ර වර්ග දෙකකි. නාම යෝජනා ඉදිරිපත් කරනු ලබන පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් නීතියෙන් නියම කර ඇති ආකාරයෙන් මෙම ආකෘති පත්‍ර දෙකම මඟින් සිය නාම යෝජනාවන් ඉදිරිපත් කළ යුතුය.
පළමු නාම යෝජනා පත්‍රය - පළාත් පාලන බල ප්‍රදේශය සඳහා කොට්ඨාස වෙනුවෙන් තෝරා ගැනීමට නියමිත සභික සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවකගේ නම් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය. (බහු කොට්ඨාසයක් වෙනුවෙන් අවස්ථාවෝචිත පරිදි දෙදෙනෙකු හෝ තිදෙනෙකු නම් කළ යුතුය)
අතිරේක නාම යෝජනා පත්‍රය - කොට්ඨාස යටතේ තෝරාපත් කරගත යුතු සභික සංඛ්‍යාව 60% ක් ලෙස සලකා , ඉතිරි 40% වූ සභික සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලබාගන්නා සංඛ්‍යාවට සමාන අපේක්ෂක නම් සංඛ්‍යාවක් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය.

5. නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතු කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව

ඉහත සඳහන් කරන ලද පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ යුතු නාම යෝජනා පත්‍ර දෙකටම (ආකෘති) නියමිත කාන්තා අපේක්ෂිකා සංඛ්‍යාවන්ගේ නම් ඇතුළත් කළ යුතු වෙයි.
පළමු නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව පළාත් පාලන ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් 10% කි
අතිරේක නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව - එම නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% කි
6.නාම යෝජනා පත්‍රයට තරුණ අපේක්ෂකයින් ඇතුළත් කිරීම
30% ක් හෝ අවශ්‍ය තරුණ අපේක්ෂක සංඛ්‍යාවකගේ නම් යෝජනා කළ හැකිය.(අනිවාර්ය නැත)
(1990 අංක 25 දරන සංශෝධන පනත මගින් මුළු අපේක්ෂක සංඛ්‍යාවෙන් 40%ක් තරුන අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබූ අතර 1991, 1997, 2002, 2006 හා 2011 යන වර්ෂවල පැවති පළාත් පාලන ඡන්ද විමසීම් වලදී මෙම නියමයන් බලාත්මකව තිබුණි.2012 අංක 22 දරණ පනතින් 40%, 25%, ලෙස වෙනස් කළ යුතු අතර “යුතුය“ යන්න “හැකිය“ - Shall වෙනුවට may යොදන ලදී. එනම් අනිවාර්ය යනු ඉවත් කරන ලදී.පසුව 2017 අංක 16 පනතින් 25%, 30% දක්වා වැඩි කළ ද may යන්න ඒ ආකාරයටම තිබේ)

7.ඇප තැන්පත් කිරීම (29 වන වගන්තිය)

ස්වාධින කණ්ඩායමේ අපේක්ෂකයෙකු සඳහා රුපියල් 5000.00 බැගින්
පිළිගතත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහා රුපියල් 1500.00 බැගින්
8.නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතු (31 වන වගන්තිය)
පිළිගත් දේශපාලන පක්ෂයකට අදාල නාම යෝජනා පත්‍රයක් පක්ෂ ලේකම් විසින් ද, ස්වාධින කණ්ඩායමක නාම යෝජනා පත්‍රයක් එහි නායකයා විසින් ද අත්සන් කර නොතිබීම.
නාම යෝජනා පත්‍රය ඉදිරිපත් කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගේ හෝ ස්වාධින කණ්ඩායමේ නායකයාගේ අත්සන සාමදාන විනිශ්චයකාරවරයෙකු විසින් විධිමත් පරිදි සහතික කර නොතිබීම.
පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රයක් එම පක්ෂයේ ලේකම් විසින් හෝ බලයලත් නියෝජිතයා විසින් භාර නොදීම, ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍රයක් එහි කණ්ඩායම් නායකයා විසින් භාර නොදීම.
නාම යෝජනා කරනු ලැබීමට නියමිත සම්පූර්ණ අපේක්ෂකයින් සංඛ්‍යාව නාම යෝජනා පත්‍රයට ඇතුළත් කර නොතිබීම.
නාම යෝජනා පත්‍රයට නම් ඇතුළත් අපේක්ෂකයින් සංඛ්‍යාවට නියම වූ ඇප මුදල් තැන්පත් කර නොතිබීම.
නම් කිරීමට නියමිත සම්පූර්ණ කාන්තා අපේක්ෂිකාවන් ගණන නාම යෝජනා පත්‍රයට අන්තර්ගත නොවීම (2017 අංක 16 දරණ සංශෝධිත පනතේ විධිවිධානයෙනි)
අපේක්ෂකයෙකු විසින් නාම යෝජනාව වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා නාම යෝජනා පත්‍රෙය්හි අත්සන නොයොදා ඇති විට එබඳු අපේක්ෂකයෙකුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වන අතර ඒ හේතුවෙන් සම්පූර්න නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමක් සිදු නොවේ.
අපේක්ෂකයෙකු විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උප ලේඛණයේ දිවුරුම අමුණා නොමැති විට එම තැනැත්තා පමණක් නාම යෝජනා වෙනුවෙන් නුසුදුසු භාවයට පත්වෙයි.එහෙත් එම හේතුව නිසා සම්පූර්ණ නාම යෝජනා පත්‍රයේ ප්‍රතික්ෂේප වීමක් සිදු නොවේ.
සිය වයස සනාථ කිරීම සඳහා තරුණ අපේක්ෂකයෙකුගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් හෝ සිය උපන් දිනය සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් හෝ නාම යෝජනා පත්‍රයට අමුණා නැති අවස්ථාවකදී එම අපේක්ෂකයාගේ නම පමණක් ප්‍රතික්ෂේප වේ.
9.ඡන්ද පත්‍රිකාව හා ඡන්දය දීම (47 වන වගන්තිය)
තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂ වල නම් සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙලින් ඡන්ද පත්‍රිකාවේ භාෂාවෙන් දක්වන අතර ඊට පහළින් තරඟ කරන ස්වාධින කණ්ඩායම් , ඒවා හදුනාගැනීමට වෙන් කර දෙන ලද අංක ද සමඟ දැක්වේ.
ඡන්ද පත්‍රිකාවේ පක්ෂවල නම්වලට ඉදිරියෙන් සහ ස්වාධින කණ්ඩායම් වලට ඉදිරියෙන් ඒවාට අනුමත ඡන්ද ලකුණු මුද්‍රණය කරනු ලබන අතර එම ලකුණු වලට ඉදිරියෙන් කතිර (X) ලකුණක් යොදා ඡන්දය ප්‍රකාශ කිරීමට හිස් කොටුවක් මුද්‍රණය කෙරේ.
පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂකයින් (කොට්ඨාස යටතේ හා අමතර අපේක්ෂකයින් වශයෙන්) කවුරුන් වන්නේ දැයි ඡන්ද දායකයාට දැනගැනීමට හැකි වන්නේ ඒ ඒ පක්ෂ හා කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින්ගේ නාම ලේඛණය ඡන්ද දායකයින්ට දැන ගැනීම සඳහා සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ඡන්ද පොළ පරිශ්‍රය තුළ තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීම මාර්ගයෙනි. මේ නිසා ඡන්දදායකයාට අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවුන ද තමා විසින් පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් ප්‍රකාශ කරනු ලබන ඡන්දය මාර්ගයෙන් තම කැමැත්ත පළ කරනු ලබන්නේ කුමන අපේක්ෂකයා වෙනුවෙන් දැයි අදහසක් ඇති කර ගැනීමට හැකියාව ඇත.

10.ඡන්ද ස්ථාන නියෝජිතයින් පත් කිරීම (49 වන වගන්තිය)

ඡන්ද විමසීම ආරම්භවීමට පෙර , එක් ඡන්ද මධ්‍යස්ථානයකට නියෝජිතයින් දෙදෙනෙකු බැගින් පක්ෂයක් වෙනුවෙන් එහි ලේකම් වරයාට හෝ බලයලත් නියෝජිතයාට ද ස්වාධින කණ්ඩායමක් වෙනුවෙන් එහි නායකයාට ද පත්කිරීමට පිළිවන.
යම් පළාත් පාලන ආයතන සභිකයෙක් ලෙස තත්කාලයේ ධුරය දරන තැනැත්තෙකුට, එම ආයතනයේ නිලධරයෙකුට හෝ සේවකයෙකුට ඡන්ද ස්ථාන නියෝජිතයෙකු වශයෙන් කටයුතු කළ නොහැකිය. එසේ වුව ද තත්කාලයේ ධුරය දරන සභිකයෙකු අපේක්ෂකයෙකු වන විටෙක තම පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් නියෝජනය කරමින් ඡන්ද ස්ථාන නියෝජිතයා වශයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබේ.

11. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන (59 වගන්තිය )

කොට්ඨාසයකට එක් ඡන්ද පොළක් පමණක් ඇතිවිට එම ඡන්ද පොළේදී ගණන් කළ යුතුය. කොට්ඨාසයක, එකකට වඩා වැඩි ඡන්ද පොළවල් සංඛ්‍යාවක් ඇති විට , තේරීම් භාර නිලධාරි විසින් තීරණය කරන ඡන්ද පොළක දී / ඡන්ද පොළ වලදී ඡන්ද ගණන් කිරීම සිදුකළ හැකිය.

12.ගණන් කිරීමේ නියෝජිතයන් පත් කිරීම (60 වන වගන්තිය )

පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් නියෝජනය කිරීම සඳහා ගණන් කිරීමේ නියෝජිතයින් දෙදෙනෙක් බැගින් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් වෙනුවෙන් බලයලත් නියෝජිතයාට හෝ ස්වාධින කණ්ඩායම් නායකයාට පත් කළ හැකිය.

13. කේවල කොට්ඨාසයේ සභිකයා තීරණය කිරීම (65 වන වගන්තිය)

කේවල කොට්ඨාසයට අයත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පත්‍රිකා ගණන් කිරීමෙන් පසු එම කොට්ඨාසය වෙනුවෙන් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරමින් තරග කොට වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අපේක්ෂකයා , කොට්ඨාසයකට තේරී පත්වූ සභිකයා වශයෙන් එම කොට්ඨාසයේ ගණන් කිරීම අවසානයේ දැනුම් දෙනු ලැබේ.

14. බහු සභික කොට්ඨාසයේ සභිකයින් තීරණය කිරීම 

බහු සභික කොට්ඨාසයක වැඩිම ඡන්ද ලබාගන්නා පක්ෂය හෝ ස්වාධින කණ්ඩායම විසින් නාම යෝජනා කරන ලද දෙදෙනා හෝ තිදෙනා අවස්ථාවෝචිත පරිදි එම කොට්ඨාසයේ සභිකයින් වශයෙන් පත්කරනු ලැබේ.

15. සමානුපාතිකව සභිකයින් තෝරාගැනීම (65 (ආ) වන වගන්තිය)

පළාත් පාලන බල ප්‍රදේශය තුළ එක් එක් පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ එකතුව, එකී පළාත් පාලන ආයතනය සඳහා තේරීපත් වීමට නියමිත මුළු සභික සංඛ්‍යාෙවන් බෙදීමෙන් ලැබෙන “තීරක අංකයෙන්“ එකී එක් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව බෙදීමෙන් ඒ ඒ පක්ෂයට හා ස්වාධීන කණ්ඩායමට හිමිවන සභික සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.
එක් එක් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ලැබිය යුතු මුළු සභික සංඛ්‍යාවෙන් කොට්ඨාස දිනාගෙන ඇති සභික සංඛ්‍යාව අඩුකිරීමෙන් පසු ඉතිරිවන සභික ශේෂය, එම පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ලැයිස්තුවෙන් තෝරාපත් කරගත යුතු සභිකයින් සංඛ්‍යාව වෙයි.
යම්කිසි පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින්, සමානුපාතිකව හිමිවිය යුතු සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් (Over hang) කොට්ඨාස වලින් තේරී පත්වී ඇත්නම්, රම වැඩිවන සංඛ්‍යාවෙන් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වන සභිකයින් සඛ්‍යාවද වැඩිවෙයි.

16.කාන්තා සභිකයින් වෙන් කිරීම (65(අ) (අ)වගන්තිය)

පළාත් පාලන ආයතනයක මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 20% කට වඩා අඩු ඡන්ද ලබාගත් හා සභිකයින් තිදෙනෙකු තෝරා පත්කරගෙන ඇති පක්ෂ හා ස්වාධින කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව අඩුකර ඉතිරි ඡන්ද 25% සභික සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවෙන් බෙදනු ලැබේ.
එයින් ලැබෙන තීරක අංකයෙන් එම ඡන්ද සංඛ්‍යාවට අයත් පක්ෂ හා ස්වාධින කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව බෙදීමෙන් එක් එක් පක්ෂය හෝ ස්වාධින කණ්ඩායමෙන් පත්කළ යුතු කාන්තා සභික සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.
එක් එක් පක්ෂය හෝ ස්වාධින කණ්ඩායමෙන් පත් කළ යුතු කාන්තා සභික සංඛ්‍යාෙවන් එකී පක්ෂය හෝ ස්වාධින කණ්ඩායමෙන් කොට්ඨාස දිනාගත් කාන්තා සභික සංඛ්‍යාව අඩුකර ඉතිරි සංඛ්‍යාව සමානුපාතිකව ලැයිස්තුවෙන් පත් කළ යුතු සභික සංඛ්‍යාවෙන් පත් කරන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලීම් කෙරේ.

17.නගරාධිපති/ නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති / උප සභාපති පත් කිරීම (66(ආ)වන වගන්තිය)

මුළු සභික සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි සභික සංඛ්‍යාව හිමිකරගත් පක්ෂයේ ලේකම්ට හෝ ස්වාධින කණ්ඩායමේ නායකයාට ආයතනයේ නගරාධිපති/ නියෝජ්‍ය නගරාධිපති හෝ සභාපති/ උප සභාපති පත් කරන ලෙස තේරීම් භාර නිලධාරි විසින් දැනුම් දෙනු ලැබේ.
කිසිම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් 50% වඩා වැඩි සභික සංඛ්‍යාවක් හිමිකර ගැනීමට අසමත් වන විට නගරාධිපති/ නියෝජ්‍ය නගරාධිපති හෝ සභාපති /උප සභාපති ප්‍රාරම්භක රැස්වීමේදී සභිකයින්ගේ ඡන්දයෙන් තේරී පත්වෙයි.